|| - LankaNewZ - ||

More about Sri Lankan News.


කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම, පන්දු යැවීමට තීරණය කල අතර ඒ අනුව පන්දුවට පහරදීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමෙ ආරමිභක පිතිකරැ සමිබන්ධතාවයද ලකුණු 0 ක් වීම අවාසනාවන්ත කාරණයක් විය. නමුත් සනත් ජයසූරියගේ විශිෂ්ට ශතකය නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට යමි ස්ථාවර මට්ටමකට එන්නට හැකියාව ලැබින. අවසානයේදී පන්දු වාර 50 අවසානයේදී ලකුණු 246 ක් ලබාගත් අතර, ලකුණු 247 ක ඉලක්කයක් කරා පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායම, පන්දු වාර 48.1 කදී කඩුලු 4 ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ලන්නට සමත් විය.

රිවිර පුවත්පත් ආයතනය තම ඥාතියෙකුට අයත් බවත්, එම ආයතනය පොලිසියට, හෝ හමුදාවකට හානි වන අයුරකින් ක්‍රියා නොකල අතර , උපාලි සමරකෝන් මහතා ස්වාධීන පුවත්පත් මාධ්‍ය වෙිදියෙක් බවත් , ඔහුට කල පහරදීම තමාට කල පහර දීමක් හා සමාන යයිද ජනාධිපති තුමා ඊයේ අරලියගහ මන්දිරයේ පැවති කතෘවරැන් හමුවෙදී කියා සිටියේය.

2009 වසර මැතිවරණ වර්ෂයක් යයි කියු කියමන තහවුරැ කරමින් මධ‍‍‍‍‍‍‍්‍යම හා වයඹ පලාත් සභා මැතිවරණ පෙබරවාරි මස 14 වැනිදා පවත්වද්දී , අද දින මධ්‍යම රාත්‍රියේදී ඉතිරිව තිබූ පලාත් සභා 3 ද විසුරැවා හැරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව දකුණු , බස්නාහිර හා උ‍ව පලාත් සභා අද රාත්‍රියේදී විසුරැවනු ඇත.

Subscribe to: Posts (Atom)