|| - LankaNewZ - ||

More about Sri Lankan News.


මේ වන විට වර්ග කිලෝමීටර් 73ක භූමි ප්‍රමාණයකට එල්. ටී. ටී. ඊ. ය සීමා කර ඇති බව රජයේ ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. පසුගිය කාලය තුළ ආරක්ෂක අංශවල එල්. ටී. ටී. ඊ. ය භාවිත කළ විශාල අවිආයුධ ප්‍රමාණයක් සොයා ගත් බවත් එවන් අවස්ථාවක පරාජයෙන් වියරු වැටී සිටින ත්‍රස්තවාදීන් සතුව ගුවන් යානා දෙකක් පැවතීම රටේ ආරක්ෂක තත්ත්වයට විශාල තර්ජනයක්ව පැවති බැවින් ආරක්ෂක අංශ මෙන්ම රජයත් මේ පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් පසු වූ බව අමාත්‍යවරයා සඳහන් කරයි. - LankaPuvath

අමිපාර දිස්ත්‍රික්ක‍යේ ඉගිනියාගල ප්‍රදේශයේදී සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක‍ෂයට පත්වී ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කරයි. ‍මෙම මිය ගිය පිරිස අතර කුඩා පිරිමි දරුවන් දෙදෙනකු හා වැඩිහිටි පිරිමි 06 දෙනෙකු වැඩිහිටි කාන්තාවන් 05 ‍දෙ‍නෙකු ගැහැණු ළමුන් එක් අයෙක් සිටින බව වාර්ථා වී ඇත. මෙම ප්‍රහාරයෙන් වැඩිහිටි කාන්තාවක් හා ගැහැණු ළමුන් දෙදෙ‍‍‍නෙකු වැඩිහිටි පිරිමි 03 දෙ‍නෙකු හා පිරිමි ළමුන් තිදෙ‍නෙකු ද තුවාල ලබා ඇති අතරමේ අය අම්පාර රෝහලට ඇතුලත් කර ඇත. පොලිසිය, විශේෂ කාර්ය බළකාය, යුධ හමුදාව එක්ව ‍මෙම ප්‍රදේශයේ තව දුරටත් සෝදිසි මෙහෙයුමි ක්‍රියාත්මක කරන අතර ආරක්ෂාව තර කර තිබේ.

Subscribe to: Posts (Atom)