|| - LankaNewZ - ||

More about Sri Lankan News.


මුලතිව් - පරන්තන් (ඒ 35) මාර්ගයට උතුරු දෙසින් වූ ප්‍රදේශයේ මෙහෙයුම් දියත් කරමින් සිටින යුද හමුදාවේ 58 වන සේනාංකයේ භට පිරිස් සහ කොටි ත්‍රස්තවාදීන් අතර ඊයේ (12) දිනයේ දී අවස්ථා ගණනාවකදී ගැටුම් හට ගෙන තිබේ.

ආරක්ෂක වාර්තා සඳහන් කරන අන්දමට කුප්පිලාන්කුලම් ප්‍රදේශයේ දී දෙපාර්ශවය අතර දරුණු ගැටුම් හට ගෙන ඇති අතර එම ගැටුම් වලදී ත්‍රස්තවාදීන්ට බරපතල හානි සිදු වී තිබේ. ගැටුම් වලින් අනතුරුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී ත්‍රස්තවාදීන්ගේ මළ සිරුරු 02ක්, ටී 56 ගිනි අවි 2ක්, පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් සහ යතුරු පැදියක් සොයා ගැනීමට හැකි වී ඇත.

මේ අතර කුප්පිලාන්කුලම ප්‍රදේශයේ ස්ථාන ගත වී සිටින යුද හමුදා ස්නයිපර් ප්‍රහාරකයින් විසින් අවස්ථා දෙකකදී කොටි ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කර ත්‍රස්තවාදීන් දෙදෙනෙකු මරා දමා තිබේ.

Subscribe to: Posts (Atom)