|| - LankaNewZ - ||

More about Sri Lankan News.


2007/2008 මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (24) අරලියගහ මන්දිරයේදී පැවැත්වේ. මෙවර කුසලතා ශිෂ්‍යත්ව හිමි 950 දෙනෙකු සඳහා අද දින ශිෂ්‍යත්ව පිරිනැමෙන අතර මෙම අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 11,000කට ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා අනුමැතිය ලැබී ඇත. මෙම වැඩසටහන යටතේ කුසලතා ශිෂ්‍යත්වයක් සඳහා මාසිකව රුපියල් 2550ක් එක් අයෙකුට ලබාදෙන අතර සාමාන්‍ය ශිෂ්‍යත්වය සඳහා රුපියල් 2500ක් පිරිනැමේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විශාලතම ගලවාගැනීමේ මෙහෙයුම සදහා නිරීක්ෂණයෙන් හා ගුවන් ප්‍රවාහනය තුලින් දායක වූ බව ගුවන් හමුදා ප්‍රකාෂක වින්ග් කමාණ්ඩර් ජනක නානායක්කාර මහතා පැවසීය.

ජාතික ආරක්ෂාව සඳහා වු මාධ්‍ය මධ්‍යස්ථානයේදී මාධ්‍යන් අමතමින් නානායක්කාර මහතා තවදුරටත් පැවසූවේ ගුවන් හමුදාව මෙම මෙහෙයුමේදි යුධ මුක්ත කළාපයේ සිට අසනීපවූවන් හා තුවාල ලැබූවන් 238 දෙනෙකු අනුරාධපුර රෝහල කරා ප්‍රවාහනය කල බවය. එසේම යුද මුක්ත කලාපය තුල සිටි එල්.ටි.ටී.ඊ. ක්‍රියාකාරින්ගේ හා සිවිල් වැසියන්ගේ සමිප ගුවන් ජායාරූප ලබාදිම තුලින් මේ සඳහා විශාල දායකත්වයක් ලබාදි තිබේ.

එසේම දිනපතාම කිලිනොච්චියේ සිට අනුරාධපුරය දක්වා වියලි ආහාර පාර්සල් 20,000 ක් ප්‍රවාහනය කරන ලදි. ඊයේ දිනය තුලදි එම් අයි-17 හෙලිකොප්ටර් යානාවක් මගින් අතිගරු ජනාධිපතිතුමාගේ උපදේශකත්වයෙන් හා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොහාන් ගුණතිලක මහතාගේ මාර්ගෝපදේශකත්වයෙන් පිසින ලද ආහාර පාර්සල් 6000 ක් කොළඹ සිට කිලිනොච්චිය බලා ප්‍රවාහනය කර ඇත.

නාවික හමුදා ප්‍රකාෂක කමාණ්ඩර් මහේෂ් කරුණාරත්න මහතා ප්‍රකාෂ කර සිටියේ නාවික හමුදාව මගින් බේරී පලා ආ සිවිල් වැසියන් 6000 ක් පමණ දෙනකු ගලවා ගන්නා ලද බවය. මෙසේ පැමිණි අයවලුන්ට උවමනා කල අත්‍යවශ්‍ය පහසුකම් සැපයිම සදහා පේදුරු තුඩුවේ හා පුල්මුඩේ පිහිටි නාවික හමුදා කඳවුරුවල විශේෂ වැඩ පිළිවෙලක් දියත් කල බවද ඔහු පැවසිය."

එල්.ටී.ටී.ඊ. යේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් මුහුද ඔස්සේ එන සිවිල් වැසියන් පසුපසින් ඔවුන්ට තර්ජනය කරමින් පැමිනෙන බැවින් නාවික හමුදා භටයන්ට දුෂ්කරතා හා අපහසුතා රැසකට මුහුන දිමට සිදුවන බව ලැවසු එම මහතා එවැනි බෝම්බ කරුවන් හදුනා ගැනීම සඳහා විශේෂ නාවික යාත්‍රා යොදවා ඇති බවද ප්‍රකාෂ කලේය. එසේම තව දුරටත් ඔහු ප්‍රකාෂ කර සිටියේ සිවිල් වැසියන් මුහුදු මාර්ග ඔස්සේ පැමිනෙන විටදි ඔවුන්ට වැඩිපුර අනතුරුදායක තත්ත්වයනට මුහුන දීමට සිදුවන බවය. එවැනි අවස්ථාවලදි ඔවුන්ට වෙරළට ළගාවිම සඳහා අවම වශයෙන් පැය 7 ක් පමන ගතවන බව කරුණාරත්න මහතා පැවසිය.

එමනිසා, මෙම බේරාගැනිමේ මෙහෙයුමේදි සිවිල් වැසියන්ට උදව් කිරිම සදහා නාවික හමුදාව විසින් විශේෂ වැඩ පිළිවෙලක් සකස් කල බව ඔහු වැඩි දුරටත් පැවසිය. ඒ අනුව විශේෂ වෛද්‍ය කණ්ඩායම් ගලවා ගැනිමේ කණ්ඩායම් මෙම ගලවා ගැනිමේ මෙහෙයුම සදහා ඊෂාන දිග මුහුදේ ස්ථානගතකර ඇතිබව ද ඔහු පැවසිය.

Subscribe to: Posts (Atom)