|| - LankaNewZ - ||

More about Sri Lankan News.


ධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණයේ ඡන්දය දැමීම අද සවස 4.00ට අවසන් විණි . මේ වන විට ඡන්ද පෙට්ටි සීල් තබා ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙන යෑමට පියවර ගනිමින් තිබේ. අද පෙරවරු 7.00 ට ඡන්දය දැමීම ආරම්භ වු අතර අද සවස 4.00ට අවසන් වන තුරු ම සාමකාමී වාතාවරණයකින් ඡන්දය පැවැත්වුණු බව වාර්තා වේ. මධ්‍යම පළාතේ මහනුවර හ‍ා මාතලේ දිස්ත්‍රික්කවල පස්වරු 3.00 වන විට 50%ට වැඩි ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ 60%ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව නුවර එළිය දිස්ත්‍රික්කයේ දිසාපති සහ තේරීම්භාර නිලධාරී ඩී. පී. ජී. කුමාරසිරි මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පවසා ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශවල ජනතාවට වඩා වතු ආශ්‍රිත ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමේ වැඩි උනන්දුවක් දක්වා ඇත. මෙම දිස්ත්‍රික්කයේ යම් ස්ථානවල ජාතික හැඳුනුම්පත නොමැති නිසා විවිධ බාධාවන් ඇති වුවත් සාමකාමීව ඡන්ද කටයුතු සිදු වි ය. වයඹ පළාතේ කරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කයේද 60%කට වැඩි ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබෙන බවොර්තා වේ.

වයඔ හා මධ්‍යම පළාත් සභා මැතිවරණය මේ වන විට මධ්‍යස්ථාන 2579 කදී පැවැත්වෙනවා. මේ වන තෙක් සුලු සිද්ධීන් කිහිපයක් හැරැණු විට බරපතල ප්‍රචන්ඩක්‍රියා වාර්තා වී නැත. පළාත් දෙකෙන් ම 3408182 දෙනෙක් පමණ ඡන්දය භාවිතා කිරීමට සුදුසු කම් ලබා ඇති අතර මන්ත්‍රී ධූර 106 ක් සදහා පෙනී සිටින අපේක්ෂකයින් ගනන 2247 කි. මැතිවරණ රාජකාරි වෙනුවෙන් රජයේ නිලධාරීන් 26000ක් පමණ යොදවා ඇත. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා පොලිසිය සියලු ආරක්ෂාව සැලසීමට පොලිස් මැතිවරණ කොට්ඨාසය විධිවිධාන යොදා ඇත.

Subscribe to: Posts (Atom)