|| - LankaNewZ - ||

More about Sri Lankan News.


ධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණයේ ඡන්දය දැමීම අද සවස 4.00ට අවසන් විණි . මේ වන විට ඡන්ද පෙට්ටි සීල් තබා ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙන යෑමට පියවර ගනිමින් තිබේ. අද පෙරවරු 7.00 ට ඡන්දය දැමීම ආරම්භ වු අතර අද සවස 4.00ට අවසන් වන තුරු ම සාමකාමී වාතාවරණයකින් ඡන්දය පැවැත්වුණු බව වාර්තා වේ. මධ්‍යම පළාතේ මහනුවර හ‍ා මාතලේ දිස්ත්‍රික්කවල පස්වරු 3.00 වන විට 50%ට වැඩි ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ 60%ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව නුවර එළිය දිස්ත්‍රික්කයේ දිසාපති සහ තේරීම්භාර නිලධාරී ඩී. පී. ජී. කුමාරසිරි මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පවසා ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශවල ජනතාවට වඩා වතු ආශ්‍රිත ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමේ වැඩි උනන්දුවක් දක්වා ඇත. මෙම දිස්ත්‍රික්කයේ යම් ස්ථානවල ජාතික හැඳුනුම්පත නොමැති නිසා විවිධ බාධාවන් ඇති වුවත් සාමකාමීව ඡන්ද කටයුතු සිදු වි ය. වයඹ පළාතේ කරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කයේද 60%කට වැඩි ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබෙන බවොර්තා වේ.

0 විවේචන

Post a Comment

Subscribe to: Post Comments (Atom)