|| - LankaNewZ - ||

More about Sri Lankan News.


ශ්‍රී ලංකා යුද හමුදා 58වන බල සේනාංකය පුතුක්කුඩිඉරිප්පු දකුණු ප්‍රදේශයේ සිය ආධිපත්‍ය පැතිරවීමට සමත්වී ඇති බව යුද බිමෙන් ලැබෙන නවතම වාර්තා සඳහන් කරයි.

6 වන ගැමුණු බළකාය, 8වන ගැමුණු, 12 වන ගැමුණු, 11 වන පාබල සේනාංකය, 10වන පාබල සේනාංකය, 7වන සිංහ යන සේනාංක වලට අයත් භට පිරිස් මේවන විට මෙම ප්‍රදේශයේ මෙහෙයුම් වල නිරතව සිටී.

භට පිරිස් යුද උපක්‍රමිකව ඒ-35 පරන්තන් මුලතිව් මාර්ගය හරහා ජලමාර්ග හා එල්.ටී.ටී.ඊ. ස්ථාන අත්පත්කරගනිමින්, ත්‍රස්තවාදීන්ට දැඩි ප්‍රහාර එල්ල කරමින් මෙම ස්ථානයට ලගාවී ඇත.

ලැබී ඇති නවතම වාර්තා අනුව ඊයේ දිනයේදී එල්.ටී.ටී.ඊ. මළසිරුරු 14ක් භට පිරිස් සොයාගෙන ඇති අතර, අද දිනයේදී තවත් මළ සිරුරු 09ක් සමග ටී-56 වර්ගයේ ගිනි අවි ද සොය‍ාගෙන ඇත.

Subscribe to: Posts (Atom)