|| - LankaNewZ - ||

More about Sri Lankan News.


කොළඹ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කිරීම සදහා පැමිණි එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ ගුවන්යානා දෙක ම විනාශ කිරීමට ආරක්ෂක අංශ සමත්වූ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ඊයේ (20) පස්වරු 9.45ට පමණ කොටි ගුවන් යානා ප්‍රහාරයට පැමිණ ඇත. එක් ගුවන් යානයක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ලට ප්‍රහාරයක් එල්ල කර පලා යන අවස්ථාවේ වහා ක්‍රියාත්මක වු ගුවන් හමුදාව ප්‍රහාර දියත් කරමින් එම යානය විනාශ කර බිම හෙළීමට සමත් වි ඇත. හමුදා ප්‍රහාර හමුවේ පලා යාමට උත්සාහ ගත් අනෙක් ත්‍රස්තවාදී ගුවන් යානයද බිම හෙළීමට කටුනායක ගුවන් හමුදා භට පිරිස් සමත් වී තිබේන අතර යානය පැදවූ ත්‍රස්තවාදියාගේ මළ සිරුර කටුනායක ගුවන් හමුදා කඳවුර ආසන්නයේ තිබී සොයාගෙන තිබේ. මෙම ත්‍රස්තවාදී ගුවන් ප්‍රහාරයෙන් 52 දෙනෙකු පමණ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව ජාතික රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය. ‍ෙම් අතර කටුනායක ප්‍රහාරයෙන් හය දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ. පසුව ඉන් එක් අයෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර ඇත.

Subscribe to: Posts (Atom)