|| - LankaNewZ - ||

More about Sri Lankan News.


සේරුනුවර ප්‍රදේශයේ පිහිටි හුදකලා ගම්මානයක් වූ දෙහිවත්ත ගමට ඊයේ (මාර්තු 24) දින රාත්‍රීයේ 11 ට පමණ කඩාවැදුනු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් පිරිසක් එල්ල කල අමානුෂික ප්‍රහාරයෙන් ගොවීන් 5 දෙනෙකු මියගොස් තවත් ගොවීන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

තුවාල ලැබූ ගොවීන් දෙදෙනා කන්තලේ රෝහලට ඇතුලත් කර ඇත. ටී-56 ආයුද වලින් සන්නද්ධ වූ ත්‍රස්තවාදී කණ්ඩායමක් මෙම ගමට කඩා වැදී තම වගාවන් රැකබලා ගනිමින් සිටි ගොවී න් හත් දෙනෙකුට වෙඩි තබා ඇති බව සේරුනුවර පොලීසිය පවසයි. තුවාල ලැබූ පුද්ගලයින් කල ප්‍රකාශ වලට අනුව ත්‍රස්තවාදීන් පළමුව ඔවුන්ගේ දෑත් බැඳ එම ස්ථානයෙන් කි.මී. 02ක් පමණ දුරින් වූ හුදකලා ස්ථානයකට මෙම පිරිස රැගෙන ගොස් දණ ගස්වා වෙඩි තබා තිබේ.

ඉරනපාලයි උතුරු දෙසින් පිහිටි යුද හමුදා ඉදිරි ආරක්ෂක වළල්ල බීඳීමට ආ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට 58 වන සේනාංකයේ භට පිරිස් විසින් ඊයේ (මාර්තු 25) දැඩි ප්‍රහාර එල්ල කර පලවා හැර ඇත. මෙහිදී ත්‍රස්තවාදීන් විශාල පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලද බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි.

7වන සිංහ රෙජිමේන්තුව, 8වන ගජබා රෙජිමේන්තුව සහ 20 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් හඳුනාගත් එල්.ටී.ටී.ඊ. ඉලක්කයන් වෙත සුළු අවි භාවිතා කරමින් ප්‍රබල හා ක්ෂණික ප්‍රහාරයක් එල්ල කර ඇත. මෙම ප්‍රහාරයත් සමඟ කිසිවක් කරකියාගත නොහැකි වූ ත්‍රස්තවාදීන් සිය මිය ගිය සගයන්ගේ මළසිරුරු ද අත්හැර දමමින් පළාගොස් තිබේ.

ත්‍රස්තවාදින් මානිස් පලිහක් ලෙස බලෙන් රදවා‍‍ෙගන සිටි සිවිල් වැසියන් 45 දෙනෙකු ඊයේ මාර්තු මස 8 දින ඔවුන්ගේ ග්‍රහනයෙන් මිදි ආරක්ෂක හමුදාවේ පිළිසරන පතා පැමිනි බව යුධබිම ආරංචි මාර්ග පවසයි. නැගෙනහිර පුදුකුඩුඉරිප්පු මෙහෙයුමිවල යේදිසිටින 581 වන සේනාංක‍යේ 8 වන ශ්‍රි ලංකා පබල හමුදා භට පිරිස් විසින් මෙම පිරිස බෙරාගන්නා ලදි මෙම පිරිස් බෙරි පලා එමෙදි එල්.ට්.ටි.ඊ. ත්‍රස්තවාදින් විසින් වෙඩි තබා ඇත. ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ‍මෙසේ බෙරි පලා එන විට ත්‍රස්ත වෙඩි ප්‍රහාරයට ලක්ව 17 හැවිරිදි ගැහැණු ළමයකුද තුවාල ලැබු අතර යුධ හමුදා වෛද්‍ය බලකායේ මුලික ප්‍රතිකාරවලින් අනතුරව ඇයව වැඩිපුර ප්‍රතිකාර සදහා රොහල් ගතකර ඇත.

මෙය අපේ ත‍්‍රිවිධ හමුදාව ඉතිහාසයේ කිසි ම දවසක නො වූ විරූ කීර්තියක් අත්පත්කර ගනිමින් ඉන්නා යුගයක් බවත් ලෝකයේ ඉතා ම බලවත් හමුදාවන්ට මෙල්ල කර ගන්න බැරිවුණ ත‍්‍රස්තවාදය අද අපේ ආරක්ෂක හමුදා ඉදිරියේ දන නමන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙසේ ප‍්‍රකාශ කර සිටියේ අද (07) ත්‍රීකුණාමලය චීන වරාය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කඳවුරේදී පැවැති ගුවන් හමුදා නිලධාරීන්ගේ වර්ණ ප‍්‍රදාන කිරීමේ උත්සව සභාව අමතමිනි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එහිදී මෙසේ ද පැවසුවේ ය.

එසේ දන නමන්නේ අංක තුනට හතරට නම කියවෙන ත‍්‍රස්තවාදීන් නො වෙ යි. ලෝකයේ ඉතා ම දරුණු ම ප‍්‍රධාන ම පෙලේ ත‍්‍රස්තවාදී සංවිධානය යි. ඒ නිසා ත‍්‍රස්තවාදීන් සමඟ සටන් කරන ලෝකයේ සියලු ම හමුදාවන්ට ධෛර්යයත් ශක්තියත් අද සපයන්නේ ශ‍්‍රී ලංකාවේ ත‍්‍රිවිධ හමුදාව යි.

එබඳු යුගයක අද වර්ණ ලබන ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ මේ ඒකකයන් මාතෘ භූමිය වෙනුවෙන් කළ කැප කිරීම අති විශිෂ්ට බව මම කියන්න ඕනෑ.

ගොඩපිටිය ජුම්මා පල්ලියට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 10 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. මිලාද් උන් නබි දිනයේ ජාතික උළෙලට මේ ප්‍රහාරය එල්ල කර ඇත්තේ අද පෙරවරු 11.00ට පමණ එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බව ද තුවාලකරුවන් 20 දෙනෙකු පමණ සිටින බව ද ලැබෙන නවතම තොරතුරුවලින් පැවසේ. ජාතික මිලාද් උන් නබි උළෙල සඳහා මාතර සිට ගමන් කළ රිය පෙරහැර ගොඩපිටිය මුස්ලිම් දේවස්ථානයට ළඟා වූ අවස්ථාවේ දී පාපැදියකින් පැමිණි කොටි ත්‍රස්තවාදියා මරාගෙන මැරෙන පිපිරීම සිදු කොට‍ තිබේ. අමාත්‍යවරුන් වන පණ්ඩු බණ්ඩාරනායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඒ. එච්. එම්. ෆවුසි, මහින්ද විජේසේකර සහ චන්ද්‍රසිරි ගජදීර යන මහත්වරුන් ද මේ පෙරහැරින් දේවස්ථානයට ඇතුළු වීමට පැමිණ තිබේ. තුවාලකරුවන් අතර මේ උළෙලට සහභාගී වූ අමාත්‍ය මහින්ද විජේසේකර මහතා ද සිටින බවත් මාතර රෝහල් ආරංචි මාර්ග පවසයි.

පුතුකුඩිඉරිප්පු නගරය බේරාගැනීමෙන් අනතුරුව 58 වන සේනාංකයේ භට පිරිස් සහ කාර්ය සේනාංක 8 හි භට පිරිස් කොටි ත්‍රස්තවාදීන්ට ඉතිරිව ඇති නැගෙනහිර වෙරළ තීරය කරා ඉදිරියට ඇදෙමින් සිටින බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.

පුතුකුඩිඉරිප්පු යුද හමුදාව අතට පත්වීමත් සමඟ කොටි ත්‍රස්තයන්ට ඉතිරිව තිබූ එකම බළකොටුවත් පෙරේදා (මාර්තු 03) අහිමිවිය.

ඊයේ (මාර්තු 04) සවස් වන විට 58 වන සේනාංකයේ භට පිරිස් පුතුකුඩිඉරිප්පු හංදියේ සිට නැගෙනහිර දෙසට තම සීමාවන් පුළුල් කරමින් සිටින බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි. ඊයේ උදෑසන කාලයේ සිට දිනය පුරා ඇතිවූ දරුණු ගැටුම් වලින් පසුව ත්‍රස්තවාදී මළසිරුරු 04ක් සොයාගැනීමට භට පිරිස් වලට හැකිවී ඇති අතර, මීට අමතරව ආර්පීජී අවියක්, ටී-56 වර්ගයේ ගිනි අවි 04ක් ද සොයා ගැනීමට සමත්වී තිබේ.

මේ අතර කාර්ය සේනාංක 8 හි භට පිරිස් තම සීමාවන් තව දුරටත් ඊශාන දිශාවට පුළුල් කරමින් ත්‍රස්තවාදීන්ට දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටී. මෙහිදී ත්‍රස්තවාදීන්ට දැඩි අලාභහානි සිදුවී ඇති බව භූමියේ සිටින භට පිරිස් සඳහන් කරයි.

මේ වන එල්.ටී.ටී.ඊ. ය වර්ග කිලෝමීටර 55 ක තරම් වූ චතුරස්‍රාකාර ප්‍රදේශයකට සීමාවී ඇත.

මීට ස්වල්ප වේලාවකට පෙර පකිස්තානයේ ලාහෝර්හිදී සිදු වූ වෙඩි තැබීමකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. තිලාන් සමරවීර, තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස් හා කුමාර සංගක්කාර යන ක්‍රීඩයන් මේ අතර වේ. ඔවුන් මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනයට සහභාගි වීම සඳහා ගඩාෆි ක්‍රීඩාංගනය වෙත බස් රථයෙන් පැමිණ ක්‍රීඩා පිටියට ඇතුළු වෙමින් සිටි අවස්ථාවේදීය. මෙහිදී පොලිස් නිලධාරීන් 05 දෙනෙකු ද මිය ගොස් ඇත. මෙම වෙඩි තැබීමට හේතුව හෝ කවුරුන් විසින් මෙය සිදු කරන ලද්දේ ද යන්න පිළිබඳව මේ වන විට අනාවරණය වී නොමැත. පකිස්තානයේ ආරක්ෂක අංශ මේ වන විට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරයි. මෙම සිද්ධිය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගය ද අත්හිටුවා ඇත.

සටන් විරාමයක් සදහා ශ්‍රී ලංකා රජයට ඉල්ලීමක් කිරීම අවශ්‍ය නැති බව ඵක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නිවේදනය කර සිටී.

ශ්‍රී ලං‍කා‍වේ වත්මන් තත්වය සුඩානයට සමාන කළ නොහැකි බව ඵක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන ජපාන තානාපති යුකි‍යෝ සකාසු මහතා ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ අර්බුදය නිමා කිරීම සදහා කොටි සංවිධානය ආයුධ බිම තැබිය යුතු බවත් ආරක්ෂක මණ්ඩල සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රුසියානු තානාපති විටලි අයි ඩුකින් මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනක් ගෙන යන බවත්, ඵය ඵ් රටේ අභ්‍යන්තර ප්‍රශ්ණයක් පමණක් වන බවත්ය. ආරක්ෂක මණ්ඩලයේ සාමාජික වියටිනාම් තානාපති ලේ යොන්ග් වින් මහතා ප්‍රකාශ කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වු ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදීන් කණ්ඩායමකට ඵරෙහිව මෙහෙයුමක් සිදුකරන බවයි.

Subscribe to: Posts (Atom)