|| - LankaNewZ - ||

More about Sri Lankan News.


මෙය අපේ ත‍්‍රිවිධ හමුදාව ඉතිහාසයේ කිසි ම දවසක නො වූ විරූ කීර්තියක් අත්පත්කර ගනිමින් ඉන්නා යුගයක් බවත් ලෝකයේ ඉතා ම බලවත් හමුදාවන්ට මෙල්ල කර ගන්න බැරිවුණ ත‍්‍රස්තවාදය අද අපේ ආරක්ෂක හමුදා ඉදිරියේ දන නමන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙසේ ප‍්‍රකාශ කර සිටියේ අද (07) ත්‍රීකුණාමලය චීන වරාය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කඳවුරේදී පැවැති ගුවන් හමුදා නිලධාරීන්ගේ වර්ණ ප‍්‍රදාන කිරීමේ උත්සව සභාව අමතමිනි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එහිදී මෙසේ ද පැවසුවේ ය.

එසේ දන නමන්නේ අංක තුනට හතරට නම කියවෙන ත‍්‍රස්තවාදීන් නො වෙ යි. ලෝකයේ ඉතා ම දරුණු ම ප‍්‍රධාන ම පෙලේ ත‍්‍රස්තවාදී සංවිධානය යි. ඒ නිසා ත‍්‍රස්තවාදීන් සමඟ සටන් කරන ලෝකයේ සියලු ම හමුදාවන්ට ධෛර්යයත් ශක්තියත් අද සපයන්නේ ශ‍්‍රී ලංකාවේ ත‍්‍රිවිධ හමුදාව යි.

එබඳු යුගයක අද වර්ණ ලබන ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ මේ ඒකකයන් මාතෘ භූමිය වෙනුවෙන් කළ කැප කිරීම අති විශිෂ්ට බව මම කියන්න ඕනෑ.

0 විවේචන

Post a Comment

Subscribe to: Post Comments (Atom)