|| - LankaNewZ - ||

More about Sri Lankan News.


පුතුකුඩිඉරිප්පු නගරය බේරාගැනීමෙන් අනතුරුව 58 වන සේනාංකයේ භට පිරිස් සහ කාර්ය සේනාංක 8 හි භට පිරිස් කොටි ත්‍රස්තවාදීන්ට ඉතිරිව ඇති නැගෙනහිර වෙරළ තීරය කරා ඉදිරියට ඇදෙමින් සිටින බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.

පුතුකුඩිඉරිප්පු යුද හමුදාව අතට පත්වීමත් සමඟ කොටි ත්‍රස්තයන්ට ඉතිරිව තිබූ එකම බළකොටුවත් පෙරේදා (මාර්තු 03) අහිමිවිය.

ඊයේ (මාර්තු 04) සවස් වන විට 58 වන සේනාංකයේ භට පිරිස් පුතුකුඩිඉරිප්පු හංදියේ සිට නැගෙනහිර දෙසට තම සීමාවන් පුළුල් කරමින් සිටින බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි. ඊයේ උදෑසන කාලයේ සිට දිනය පුරා ඇතිවූ දරුණු ගැටුම් වලින් පසුව ත්‍රස්තවාදී මළසිරුරු 04ක් සොයාගැනීමට භට පිරිස් වලට හැකිවී ඇති අතර, මීට අමතරව ආර්පීජී අවියක්, ටී-56 වර්ගයේ ගිනි අවි 04ක් ද සොයා ගැනීමට සමත්වී තිබේ.

මේ අතර කාර්ය සේනාංක 8 හි භට පිරිස් තම සීමාවන් තව දුරටත් ඊශාන දිශාවට පුළුල් කරමින් ත්‍රස්තවාදීන්ට දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටී. මෙහිදී ත්‍රස්තවාදීන්ට දැඩි අලාභහානි සිදුවී ඇති බව භූමියේ සිටින භට පිරිස් සඳහන් කරයි.

මේ වන එල්.ටී.ටී.ඊ. ය වර්ග කිලෝමීටර 55 ක තරම් වූ චතුරස්‍රාකාර ප්‍රදේශයකට සීමාවී ඇත.

0 විවේචන

Post a Comment

Subscribe to: Post Comments (Atom)