|| - LankaNewZ - ||

More about Sri Lankan News.


සටන් විරාමයක් සදහා ශ්‍රී ලංකා රජයට ඉල්ලීමක් කිරීම අවශ්‍ය නැති බව ඵක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නිවේදනය කර සිටී.

ශ්‍රී ලං‍කා‍වේ වත්මන් තත්වය සුඩානයට සමාන කළ නොහැකි බව ඵක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන ජපාන තානාපති යුකි‍යෝ සකාසු මහතා ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ අර්බුදය නිමා කිරීම සදහා කොටි සංවිධානය ආයුධ බිම තැබිය යුතු බවත් ආරක්ෂක මණ්ඩල සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රුසියානු තානාපති විටලි අයි ඩුකින් මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනක් ගෙන යන බවත්, ඵය ඵ් රටේ අභ්‍යන්තර ප්‍රශ්ණයක් පමණක් වන බවත්ය. ආරක්ෂක මණ්ඩලයේ සාමාජික වියටිනාම් තානාපති ලේ යොන්ග් වින් මහතා ප්‍රකාශ කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වු ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදීන් කණ්ඩායමකට ඵරෙහිව මෙහෙයුමක් සිදුකරන බවයි.