|| - LankaNewZ - ||

More about Sri Lankan News.


කොටි ත‍්‍රස්තවාදීන් විසින් බලහත්කාරයෙන් සිරකැර ගෙන සිටින සාමාන්‍ය වැසියන් තුන්සීයකට වැඩි පිරිසක් රෝගාතුරව මරණාසන්න තත්ත්වයකට පත්ව ඇති අතර ඔවුන් බේරාගැනීමට පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයට ගිය අන්තර් ජාතික රතුකුරුස සංවිධානයේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධාන සාමාජිකයන් ත‍්‍රස්තවාදීන් විසින් ඊයේ (27) පලවා හැර ඇති බව වාර්තා වෙයි.

පලා යෑමට උත්සාහ කිරීමේදී ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රහාරවලට ලක්ව තුවාල ලැබූ හා මැලේරියාව, උණ හා වෙනත් රෝගවලින් බරපතළ ලෙස මේ පිරිස පීඩා විඳින බව රතුකුරුස සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධාන සාමාජිකයන් ආරක්‍ෂක අංශවලට වාර්තා කැර ඇත.

ඔවුන් බේරාගැනීම පිණිස එම සංවිධාන සාමාජිකයන් ඊයේ පෙරවරුවේ ගිලන් රථ 16ක් ට‍්‍රක් රථ 7ක් සමඟ පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයට ගොස් ඇත. රෝගීන් වවුනියාව රෝහලට ගෙනැවිත් ප‍්‍රතිකාර ලබාදීමට සියල්ල සූදානම් කැර තිබු බව යුද හමුදා මාධ්‍ය ඒකකය පවසයි.

0 විවේචන

Post a Comment

Subscribe to: Post Comments (Atom)