|| - LankaNewZ - ||

More about Sri Lankan News.


එල්.ටී.ටී.ඊ.යේ ත්‍රස්තවාදී නායකයෙකු සැඟවී සිටි ස්ථානයක් සහ තවත් කොටි ඉලක්ක හතකට ඊයේ ගුවන් ප්‍රහාර එල්ල කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ජනක නානායක්කාර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් පවසා ඇත.

මුලතිව්, පුතුකුඩිඉරුප්පු මංසන්දියේ සිට කිලෝමීටරයක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ කොටි නායකයා සැඟව සිටි ස්ථානයට ඊයේ (6) පස්වරුවේ දී ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

දහවල් 1.45 ට සහ සවස 4.45 ට ප්‍රහාරඑල්ල කළ අතර ප්‍රථම ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ සිටම ත්‍රස්තවාදීන්ගේ පණිවිඩ හුවමාරු සියල්ල නතර වී තිබූ බව වාර්තාවේ. ඊයේ සවස 6.00 වන විට නන්තිකන්ඩාල් කලපුවේ සිට වයඹ දෙසින් සහ පුදුකුඩුඉරිප්පු මංසන්දියේ සිට කිමී1.5ක් ඊසාන දෙසින් පිහිටි කොටි ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර 6ක් ල්ල කර තිබේ.

මේ ප්‍රහාර සඳහා මිග්, කෆීර්, එෆ් 7 සහ එම්.අයි. 24 ප්‍රහාරක යානා යොදාගත් බව නානායක්කාර මහතා පැවසීය.

0 විවේචන

Post a Comment

Subscribe to: Post Comments (Atom)