|| - LankaNewZ - ||

More about Sri Lankan News.


මුලතිව් පුතුකුඩිඉරිප්පු බටහිර ප්‍රදේශයේ මෙහෙයුම් වල නිරත වී සිටින යුද හමුදාවේ කාර්ය සාධක බළකා 2 ට අයත් භට පිරිස් විසින් එල්.ටී.ටි.ඊ. ග්‍රහණයෙන් මිදී පලා එමින් සිටි තවත් සිවිල් වැසියන් 970 දෙනෙකු බේරා ගැනීමට අද (පෙබ 10) උදෑසන සමත් විය.

මෙම පිරිස අද උදෑසන 6 ත් 7 ත් අතර කාලයේ දී කොටි ත්‍රස්තවාදීන්ගේ වෙඩි ප්‍රහාරයන් මධ්‍යයේ ආරක්ෂක අංශ වෙත ලඟා වූ බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි. කොටින්ගේ වෙඩි ප්‍රහාර වලට ලක්වීමෙන් සිවිල් වැසියන් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් 10 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද වාර්තා සඳහන් කරයි. තුවාල ලැබූවන්ගෙන් වැඩි පිරිසක් කාන්තාවන් හා කුඩා ළමුන් වේ.

සුළු තුවාල ලැබූවන් සඳහා යුද හමුදාව එම ප්‍රදේශයේ දීම ප්‍රතිකාර ලබා දීමට කටුයුතු කර ඇති අතර බරපතල තත්ත්වයේ පසුවන්නන් ප්‍රථමාධාර ලබා දීමෙන් අනතුරුව ගුවන් මගින් අනුරාධපුර සහ වව්නියාව රෝහල් වෙත පිටත් කර යැවීමට කටයුතු කොට තිබේ.

0 විවේචන

Post a Comment

Subscribe to: Post Comments (Atom)