මෙය අපේ ත්‍රිවිධ හමුදාව ඉතිහාසයේ කිසි ම දවසක නො වූ විරූ කීර්තියක් අත්පත්කර ගනිමින් ඉන්නා යුගයක් බවත් ලෝකයේ ඉතා ම බලවත් හමුදාවන්ට මෙල්ල කර ගන්න බැරිවුණ ත්‍රස්තවාදය අද අපේ ආරක්ෂක හමුදා ඉදිරියේ දන නමන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙසේ ප්‍රකාශ කර සිටියේ අද (07) ත්‍රීකුණාමලය චීන වරාය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කඳවුරේදී පැවැති ගුවන් හමුදා නිලධාරීන්ගේ වර්ණ ප්‍රදාන කිරීමේ උත්සව සභාව අමතමිනි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එහිදී මෙසේ ද පැවසුවේ ය.
එසේ දන නමන්නේ අංක තුනට හතරට නම කියවෙන ත්රස්තවාදීන් නො වෙ යි. ලෝකයේ ඉතා ම දරුණු ම ප්‍රධාන ම පෙලේ ත්‍රස්තවාදී සංවිධානය යි. ඒ නිසා ත්රස්තවාදීන් සමඟ සටන් කරන ලෝකයේ සියලු ම හමුදාවන්ට ධෛර්යයත් ශක්තියත් අද සපයන්නේ ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව යි.
පුතුකුඩිඉරිප්පු නගරය බේරාගැනීමෙන් අනතුරුව 58 වන සේනාංකයේ භට පිරිස් සහ කාර්ය සේනාංක 8 හි භට පිරිස් කොටි ත්රස්තවාදීන්ට ඉතිරිව ඇති නැගෙනහිර වෙරළ තීරය කරා ඉදිරියට ඇදෙමින් සිටින බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.
පුතුකුඩිඉරිප්පු යුද හමුදාව අතට පත්වීමත් සමඟ කොටි ත්රස්තයන්ට ඉතිරිව තිබූ එකම බළකොටුවත් පෙරේදා (මාර්තු 03) අහිමිවිය.
ඊයේ (මාර්තු 04) සවස් වන විට 58 වන සේනාංකයේ භට පිරිස් පුතුකුඩිඉරිප්පු හංදියේ සිට නැගෙනහිර දෙසට තම සීමාවන් පුළුල් කරමින් සිටින බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි. ඊයේ උදෑසන කාලයේ සිට දිනය පුරා ඇතිවූ දරුණු ගැටුම් වලින් පසුව ත්‍රස්තවාදී මළසිරුරු 04ක් සොයාගැනීමට භට පිරිස් වලට හැකිවී ඇති අතර, මීට අමතරව ආර්පීජී අවියක්, ටී-56 වර්ගයේ ගිනි අවි 04ක් ද සොයා ගැනීමට සමත්වී තිබේ.
මේ අතර කාර්ය සේනාංක 8 හි භට පිරිස් තම සීමාවන් තව දුරටත් ඊශාන දිශාවට පුළුල් කරමින් ත්රස්තවාදීන්ට දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටී. මෙහිදී ත්රස්තවාදීන්ට දැඩි අලාභහානි සිදුවී ඇති බව භූමියේ සිටින භට පිරිස් සඳහන් කරයි.
මේ වන එල්.ටී.ටී.ඊ. ය වර්ග කිලෝමීටර 55 ක තරම් වූ චතුරස්රාකාර ප්‍රදේශයකට සීමාවී ඇත.
සටන් විරාමයක් සදහා ශ්‍රී ලංකා රජයට ඉල්ලීමක් කිරීම අවශ්‍ය නැති බව ඵක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නිවේදනය කර සිටී.
ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය සුඩානයට සමාන කළ නොහැකි බව ඵක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන ජපාන තානාපති යුකියෝ සකාසු මහතා ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවේ අර්බුදය නිමා කිරීම සදහා කොටි සංවිධානය ආයුධ බිම තැබිය යුතු බවත් ආරක්ෂක මණ්ඩල සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.
ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රුසියානු තානාපති විටලි අයි ඩුකින් මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනක් ගෙන යන බවත්, ඵය ඵ් රටේ අභ්‍යන්තර ප්‍රශ්ණයක් පමණක් වන බවත්ය. ආරක්ෂක මණ්ඩලයේ සාමාජික වියටිනාම් තානාපති ලේ යොන්ග් වින් මහතා ප්‍රකාශ කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වු ශ්‍රී ලංකා රජය ත්රස්තවාදීන් කණ්ඩායමකට ඵරෙහිව මෙහෙයුමක් සිදුකරන බවයි.
ඊයේ (පෙබරවාරි 21) දින විශ්වමඩු ප්‍රදේශයේ සෝදීසි මෙහෙයුමක නිරත 57 සේනාංකයට අයත් භට පිරිස් ත්රස්තවාදීන්ට අයත් අවි ආයුධ රැසක් සොයා ගනු ලැබිණි. පුද්ගලනාශක බෝම්බ 50 ක්, ක්ලේමෝ බෝම්බ 7 ක් හා අත්බෝම්බ 213 ක් මේ අතර විය.
නරක් වූ ත්‍රස්ත කාන්තා සිරුරක්, ටී-56 ගිනි අවි 3 ක්, අයිකොම් සන්නිවේදන උපකරණයක් සමග එම්පීඑම්ජී වර්ගයේ පතුරම් 1000 ක් ද මෙහිදී ආරක්ෂක අංශ විසින් වැඩිදුරටත් අනාවරණය කර ගනු ලැබිණි.
ප්‍රදේශයේ සිදුකළ තවත් සෝදීසී මෙහෙයුමකින් 57 සේනාංක භට පිරිස් විසින් ත්රස්තවාදීන් විසින් පරිහරණය කරන ලද විදුලිජණක යන්ත්‍රයක් අත්පත් කර ගෙන ඇත.
ශ්‍රී ලංකා යුද හමුදා 58වන බල සේනාංකය පුතුක්කුඩිඉරිප්පු දකුණු ප්‍රදේශයේ සිය ආධිපත්‍ය පැතිරවීමට සමත්වී ඇති බව යුද බිමෙන් ලැබෙන නවතම වාර්තා සඳහන් කරයි.
6 වන ගැමුණු බළකාය, 8වන ගැමුණු, 12 වන ගැමුණු, 11 වන පාබල සේනාංකය, 10වන පාබල සේනාංකය, 7වන සිංහ යන සේනාංක වලට අයත් භට පිරිස් මේවන විට මෙම ප්‍රදේශයේ මෙහෙයුම් වල නිරතව සිටී.
භට පිරිස් යුද උපක්රමිකව ඒ-35 පරන්තන් මුලතිව් මාර්ගය හරහා ජලමාර්ග හා එල්.ටී.ටී.ඊ. ස්ථාන අත්පත්කරගනිමින්, ත්රස්තවාදීන්ට දැඩි ප්‍රහාර එල්ල කරමින් මෙම ස්ථානයට ලගාවී ඇත.
දේශපාලන නායකයන් මරා දමමින් ඉන්දු-ලංකා ගිවිසුම කුණු කූඩයට දැමූ එල්.ටී.ටී.ඊ.ය ලංකාවේ වර්තමාන තත්ත්වයට වගකිව යුතු යැයි ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැති පී. චිදම්බරම් මහතා ප්‍රකාශ කැර ඇත.
ඇමැතිවරයා මේ බව කියා සිටියේ තමිල්නාඩුවේ මහජන රැලියක් අමතමිනි.
ප්රභාකරන් දමිළ ජනතාවගේ එකම නායකයා නොවන බවද ශ්‍රී ලංකාවේ ජාතික ප්රශ්නය විසැඳීම සඳහා මෙවන් ආඥාදායකයෙකුට බලයට ඒමට උදවු කිරීමෙන් විසඳුමක් නොලැබෙන බවද ඔහු පවසා තිබේ.
කිසිදු හමුදාවක් ත්‍රස්තවාදී කණ්ඩායමක් සමඟ සාකච්ඡාවට සූදානම් නැති බවද ප්රභාකරන් වහාම ආයුධ බිම තැබිය යුතු බවද මේ තාක් කිසිදු කාලයක අවිගත් කණ්ඩායමක් විසින් කළ ඉල්ලීම් සාර්ථක වී නැති බවද ඔහු ප්‍රකාශ කැර තිබේ.
මුලතිව් - පරන්තන් (ඒ 35) මාර්ගයට උතුරු දෙසින් වූ ප්‍රදේශයේ මෙහෙයුම් දියත් කරමින් සිටින යුද හමුදාවේ 58 වන සේනාංකයේ භට පිරිස් සහ කොටි ත්රස්තවාදීන් අතර ඊයේ (12) දිනයේ දී අවස්ථා ගණනාවකදී ගැටුම් හට ගෙන තිබේ.
ආරක්ෂක වාර්තා සඳහන් කරන අන්දමට කුප්පිලාන්කුලම් ප්‍රදේශයේ දී දෙපාර්ශවය අතර දරුණු ගැටුම් හට ගෙන ඇති අතර එම ගැටුම් වලදී ත්රස්තවාදීන්ට බරපතල හානි සිදු වී තිබේ. ගැටුම් වලින් අනතුරුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී ත්රස්තවාදීන්ගේ මළ සිරුරු 02ක්, ටී 56 ගිනි අවි 2ක්, පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් සහ යතුරු පැදියක් සොයා ගැනීමට හැකි වී ඇත.
මේ අතර කුප්පිලාන්කුලම ප්‍රදේශයේ ස්ථාන ගත වී සිටින යුද හමුදා ස්නයිපර් ප්‍රහාරකයින් විසින් අවස්ථා දෙකකදී කොටි ත්රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කර ත්රස්තවාදීන් දෙදෙනෙකු මරා දමා තිබේ.













