|| - LankaNewZ - ||

More about Sri Lankan News.


undefined undefined

කොටි ත‍්‍රස්තවාදීන් විසින් බලහත්කාරයෙන් සිරකැර ගෙන සිටින සාමාන්‍ය වැසියන් තුන්සීයකට වැඩි පිරිසක් රෝගාතුරව මරණාසන්න තත්ත්වයකට පත්ව ඇති අතර ඔවුන් බේරාගැනීමට පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයට ගිය අන්තර් ජාතික රතුකුරුස සංවිධානයේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධාන සාමාජිකයන් ත‍්‍රස්තවාදීන් විසින් ඊයේ (27) පලවා හැර ඇති බව වාර්තා වෙයි.

පලා යෑමට උත්සාහ කිරීමේදී ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රහාරවලට ලක්ව තුවාල ලැබූ හා මැලේරියාව, උණ හා වෙනත් රෝගවලින් බරපතළ ලෙස මේ පිරිස පීඩා විඳින බව රතුකුරුස සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධාන සාමාජිකයන් ආරක්‍ෂක අංශවලට වාර්තා කැර ඇත.

ඔවුන් බේරාගැනීම පිණිස එම සංවිධාන සාමාජිකයන් ඊයේ පෙරවරුවේ ගිලන් රථ 16ක් ට‍්‍රක් රථ 7ක් සමඟ පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයට ගොස් ඇත. රෝගීන් වවුනියාව රෝහලට ගෙනැවිත් ප‍්‍රතිකාර ලබාදීමට සියල්ල සූදානම් කැර තිබු බව යුද හමුදා මාධ්‍ය ඒකකය පවසයි.

undefined undefined

මව්බිම නිදහස් කර ගැනීමේ සටනට තම දිවි පරදුවට තබා සටන් වැදී සිටින ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ සුභ සාධන කටයුතු සඳහා මුදල් පරිත්‍යාග කිරීමේ උත්සවයක් ඊයේ ජන 27) ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ෂෙහාන් ද සිල්වා නම් දේශහිතෛෂියකු විසින් මෙහිදී රුපියල් 15,000 ක මුදලක් සුභ සාධන අරමුදලට පරිත්‍යාග කිරීම සිදු විය.

undefined undefined

එල්ටීටීඊ නායක වෙල්‍රපීල්ලේ ප්‍රභාකරන් සැගව සිටියා යයි සැක කරන විදුලි සෝපානයක් සහිත භූගත බංකරයක් සහිත ගොඩනැගිල්ලක් මුලතිව් විෂ්වමඩු කැලෑ ප්‍රදේෂයෙන් යුද හමුදාව විසින් ඊයේ දින සොයාගත් බව ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානය පැවසීය.

Subscribe to: Posts (Atom)