|| - LankaNewZ - ||

More about Sri Lankan News.


undefined undefined

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මිදී පලා එමින් සිවිල් වැසියන් 43 දෙනකු බේරා ගැනීමට නාවික හමුදාව මුලතිව් මුහුදේ දී ඊයේ (ජන 31) සමත් විය.

මෙම පිරිස පවුල් 11 කට අයත් වන අතර කාන්තාවන් 13 දෙනෙකු , පිරිමි 14 දෙනෙකු සහ කුඩා ළමුන් 16 දෙනෙකුගෙන් සමන්විත වේ. කුඩා ප්‍රමාණයේ ඩිංගි යාත්‍රාවන් දෙකක නැගී මුලතිව් මුහුදේ ආරක්ෂක රැකවල්හි යෙදී සිටින නාවික හමුදා යාත්‍රා වෙත පැමිණීමට මෙම පිරිස සමත් වී ඇත. මේ දිනවල මුලතිව් මුහුද තීරයේ පවතින මුහුදේ රළු බවද නොසලකා තම ජීවිත පවා පරදුවට තබමින් මෙලෙස පැමිණියේ කොටි ත්‍රස්තවාදීන්ගේ එල්ල වන අමානුෂික වද හිංසා ඉවසා ගත නොහැකිව බව ඔවුන් පවසති. මෙම පිරිස පුල්මුඩෙයි පිහිට නාවික හමුදා අණු ඛණ්ඩය වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර ඔවුන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම්, ආහාර පාන, වෛද්‍ය පහසුකම් ඇතුළු සියලු අවශ්‍යතා සපයා දී ඇත.

undefined undefined

මේ වන විට මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ මෙහෙයුම් වල නිරත වී සිටින යුද හමුදාවේ 58 වන සේනාංකයේ භට පිරිස් ඊයේ (ජන 31) දිනයේ දී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් පරාජය කර යුද ජයග්‍රහණ රැසක් අත් කර ගැනීමට සමත් වූ බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.

582 වන බල සේනාව යටතේ ක්‍රියාත්මක වන 11 වන පාබල රෙජිමේන්තුවට අයත් භට පිරිස් ඊයේ උදෑසන පිරමන්තල්කුලම් දකුණු ප්‍රදේශයේ දී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ඉතාමත් ආරක්ෂා සහිතව ඉදි කර තිබූ යුද කඳවුරක් අත්පත් කර ගැනීමට සමත් විය.

ඒ 35 (පරන්තන් - මුලතිව්) මාර්ගය ඔස්සේ නැගෙනහිර දෙසට මෙහෙයුම් දියත් කරමින් සිටියදී 12 වන සැතපුම් කණුවට උතුරින් වූ ප්‍රදේශයේ පිහිටා තිබූ මෙම කඳවුර අත්පත් කර ගැනීමට භට පිරිස් සමත් විය.. එහි රැඳී සිටි ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කළ භට පිරිස් කඳවුරේ බලය සියතට ගැනීමට සමත් විය. මෙහිදී දෙපාර්ශවය අතර දරුණු ගැටුම් ඇවිලී ගිය බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි. ප්‍රහාරයෙන් පසුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමේ දී මිය ගිය ත්‍රස්තවාදීන් 9 දෙනෙකුගේ සිරුරු, ටී 56 ගිනි අවි 2ක්, ඇමෙරිකාවේ නිෂ්පාදිත එල්එම්ජී අවියක් සහ ඇමෙරිකාවේ නිෂ්පාදිත රසායනික අවි 9ක් ඇතුළු යුද උපකරණ රැසක් සොයා ගැනීමට හැකි විය. තවද මෙම කඳවුර තුල වූ වායුසමීකරණය කළ භූගත බංකරයක් ද සොයා ගැනීමට හැකි වී තිබේ.

Subscribe to: Posts (Atom)