|| - LankaNewZ - ||

More about Sri Lankan News.


undefined undefined

විශ්‍රාමික හමුදා නිළධාරී මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු පිරිසක් පසුගිය වසරේදී අනුරාධපුර ප්‍රදේශයේදී ඝාතනය කිරීම සම්බන්ධව ප්‍රධාන සැකකරුවෙක් ශ්‍රී ලංතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් ආරංචි මාර්ග වල දැක්වෙන පරිදි නෙසියකුලම් - මාන්කුලම් ප්‍රදේශයේ පදිංචි අබුසාලි ජබීර් ලෙස හඳුනා ගෙන ඇති මෙම සැකකකරු විසින් මන්ද බුද්ධික මරා‍ගෙන මැරෙන බෝම්බකරු සිය භාරයේ සෙට්ටිකුලම සිට මැදවච්චිය ප්‍රදේශයට රැගෙන විත් වෙනත් අයෙක් වෙත ඔහුව භාර දී තිබිණි. ඊයේ (පෙබරවාරි 10) දින අළුයම 5.15 ට පමණ සියඹලාන්ඩුව, නෙරියකුලම පොලිස් මාර්ග ඝාධකයේදී මෙම සැකකරු අත්අඩංගුවට පත්වූ බව වැ‍ඩි දුරටත් එම ආරංචි සඳහන් කරයි.

undefined undefined

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක, මහේල ජයවර්ධන අද ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන්නා. පසුගිය ඉන්දියානු තරගාවලිය 4-1 ක් ලෙස පරාජය වීම, ඔහු මෙම තීරණය ගැනීමට ඉක්මන් වීමේ හේතුව ලෙස දක්වන අතරම, දැන් නායකත්වය අලුත් කිරීමට කාලය එලඹ ඇති බවද වැඩි දුර අදහස් දක්වමින් ඔහු පැවසුවේය. මහේල , 2007 ලෝක කුසලාණ තරගාවලියේ අනුශූරතාවය ලබා ගන්නටත්, තවත් ජයග්‍රහණ රැසකට නායකත්වය ලබා දුනි. පසුගිය වසරේ හොදම ටෙස්ට් ක්‍රිකට් නායකත්ව සම්මානයද දිනාගත් මහේල සිය කණ්ඩායම, ටෙස්ට් තරග 26 ක නායකත්වය හෙඹවූ අතර ඉන් 15 ක්ම ජයග්‍රහණය කරා ගෙන ගිය අතර එක්දින තරග 94න් 54 ක් ජයගන්නට සමත්ව ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමට මීලගට ඇති, පාකිස්තානු ටෙස්ට් තරග 2 න් මහේල සිය නායකත්වයෙන් සමු ගනු ඇත. වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු සිය ක්‍රීඩා ජීවිතය පිතිකරැ අංශයෙන් වඩාත් ශක්තිමත් කරගැනීමට බලාපොරොත්තු වන බවත් කියා සිටියේය. කෙසේ වෙතත් ‍මහේල ගේ තීරණය පිළිබද සතුටු වන අය වගේම ඒ ගැන කණගාටු වන අය අති විශාලය.

Subscribe to: Posts (Atom)