|| - LankaNewZ - ||

More about Sri Lankan News.


undefined undefined

ඊයේ (පෙබරවාරි 21) දින විශ්වමඩු ප්‍රදේශයේ සෝදීසි මෙහෙයුමක නිරත 57 සේනාංකයට අයත් භට පිරිස් ත්‍රස්තවාදීන්ට අයත් අවි ආයුධ රැසක් සොයා ගනු ලැබිණි. පුද්ගලනාශක බෝම්බ 50 ක්, ක්ලේමෝ බෝම්බ 7 ක් හා අත්බෝම්බ 213 ක් මේ අතර විය.

නරක් වූ ත්‍රස්ත කාන්තා සිරුරක්, ටී-56 ගිනි අවි 3 ක්, අයිකොම් සන්නිවේදන උපකරණයක් සමග එම්පීඑම්ජී වර්ගයේ පතුරම් 1000 ක් ද මෙහිදී ආරක්ෂක අංශ විසින් වැඩිදුරටත් අනාවරණය කර ගනු ලැබිණි.

ප්‍රදේශයේ සිදුකළ තවත් සෝදීසී මෙහෙයුමකින් 57 සේනාංක භට පිරිස් විසින් ත්‍රස්තවාදීන් විසින් පරිහරණය කරන ලද විදුලිජණක යන්ත්‍රයක් අත්පත් කර ගෙන ඇත.

Subscribe to: Posts (Atom)