undefined
undefined
ගොඩපිටිය ජුම්මා පල්ලියට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 10 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. මිලාද් උන් නබි දිනයේ ජාතික උළෙලට මේ ප්‍රහාරය එල්ල කර ඇත්තේ අද පෙරවරු 11.00ට පමණ එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බව ද තුවාලකරුවන් 20 දෙනෙකු පමණ සිටින බව ද ලැබෙන නවතම තොරතුරුවලින් පැවසේ.
ජාතික මිලාද් උන් නබි උළෙල සඳහා මාතර සිට ගමන් කළ රිය පෙරහැර ගොඩපිටිය මුස්ලිම් දේවස්ථානයට ළඟා වූ අවස්ථාවේ දී පාපැදියකින් පැමිණි කොටි ත්‍රස්තවාදියා මරාගෙන මැරෙන පිපිරීම සිදු කොට තිබේ.
අමාත්‍යවරුන් වන පණ්ඩු බණ්ඩාරනායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඒ. එච්. එම්. ෆවුසි, මහින්ද විජේසේකර සහ චන්ද්‍රසිරි ගජදීර යන මහත්වරුන් ද මේ පෙරහැරින් දේවස්ථානයට ඇතුළු වීමට පැමිණ තිබේ.
තුවාලකරුවන් අතර මේ උළෙලට සහභාගී වූ අමාත්‍ය මහින්ද විජේසේකර මහතා ද සිටින බවත් මාතර රෝහල් ආරංචි මාර්ග පවසයි.