|| - LankaNewZ - ||

More about Sri Lankan News.


undefined undefined

ඉන්දියාවේ ශ්‍රී ලාංකීය සංචාරයේ තවත් තරගයක් වන පන්දු වාර 20 තරගය මේ වෙනවිට ආරම්භ වී තිබේ. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ශාන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කල අතර, මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දැවී නොයා ලකුණු 44 ක් ලබා සිටිනවා. සනත් ජයසූරිය 4 පහරවල් 3 ක් සහ 6 පහර වල් 2 ක් සමගින් ලකුණු 30 ක් සහ ඩිල්ශාන් ලකුණු 07 ක් ලබාගෙන ක්‍රීඩා කරයි.

undefined undefined

මුලතිව් පුතුකුඩිඉරිප්පු බටහිර ප්‍රදේශයේ මෙහෙයුම් වල නිරත වී සිටින යුද හමුදාවේ කාර්ය සාධක බළකා 2 ට අයත් භට පිරිස් විසින් එල්.ටී.ටි.ඊ. ග්‍රහණයෙන් මිදී පලා එමින් සිටි තවත් සිවිල් වැසියන් 970 දෙනෙකු බේරා ගැනීමට අද (පෙබ 10) උදෑසන සමත් විය.

මෙම පිරිස අද උදෑසන 6 ත් 7 ත් අතර කාලයේ දී කොටි ත්‍රස්තවාදීන්ගේ වෙඩි ප්‍රහාරයන් මධ්‍යයේ ආරක්ෂක අංශ වෙත ලඟා වූ බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි. කොටින්ගේ වෙඩි ප්‍රහාර වලට ලක්වීමෙන් සිවිල් වැසියන් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් 10 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද වාර්තා සඳහන් කරයි. තුවාල ලැබූවන්ගෙන් වැඩි පිරිසක් කාන්තාවන් හා කුඩා ළමුන් වේ.

සුළු තුවාල ලැබූවන් සඳහා යුද හමුදාව එම ප්‍රදේශයේ දීම ප්‍රතිකාර ලබා දීමට කටුයුතු කර ඇති අතර බරපතල තත්ත්වයේ පසුවන්නන් ප්‍රථමාධාර ලබා දීමෙන් අනතුරුව ගුවන් මගින් අනුරාධපුර සහ වව්නියාව රෝහල් වෙත පිටත් කර යැවීමට කටයුතු කොට තිබේ.

Subscribe to: Posts (Atom)