|| - LankaNewZ - ||

More about Sri Lankan News.


undefined undefined

එල්.ටී.ටී.ඊ.යේ ත්‍රස්තවාදී නායකයෙකු සැඟවී සිටි ස්ථානයක් සහ තවත් කොටි ඉලක්ක හතකට ඊයේ ගුවන් ප්‍රහාර එල්ල කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ජනක නානායක්කාර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් පවසා ඇත.

මුලතිව්, පුතුකුඩිඉරුප්පු මංසන්දියේ සිට කිලෝමීටරයක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ කොටි නායකයා සැඟව සිටි ස්ථානයට ඊයේ (6) පස්වරුවේ දී ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

දහවල් 1.45 ට සහ සවස 4.45 ට ප්‍රහාරඑල්ල කළ අතර ප්‍රථම ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ සිටම ත්‍රස්තවාදීන්ගේ පණිවිඩ හුවමාරු සියල්ල නතර වී තිබූ බව වාර්තාවේ. ඊයේ සවස 6.00 වන විට නන්තිකන්ඩාල් කලපුවේ සිට වයඹ දෙසින් සහ පුදුකුඩුඉරිප්පු මංසන්දියේ සිට කිමී1.5ක් ඊසාන දෙසින් පිහිටි කොටි ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර 6ක් ල්ල කර තිබේ.

මේ ප්‍රහාර සඳහා මිග්, කෆීර්, එෆ් 7 සහ එම්.අයි. 24 ප්‍රහාරක යානා යොදාගත් බව නානායක්කාර මහතා පැවසීය.

undefined undefined

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ආරම්භ කරන නවතම ගුවන්විදුලි සේවය වන ‘වයඹ හඬ’ එෆ්.එම්.විකාශය අද (07) ආරම්භ වේ. ‘මුහුදු රැල්ලේ සිට කඳු රැල්ල’ දක්වා නම් තේමාව යටතේ මෙය ක්‍රියාත්මක කෙරේ.

මෙම ගුවන්විදුලි සේවයේ මූලික අරමුණු අතර වයඹ පළාතේ ජාතික සංවර්ධනයට මෙහෙවරක් ඉටු කිරීම, වයඹ සංස්කෘතික උරුමය හා කෘෂිකර්මය නඟා සිටුවීම, හරවත් ගුවන්විදුලි ශ්‍රාවක පිරිසක් බිහි කිරීම යනාදිය වේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගිවන ඇතුගල්පුර එක්සත් ජනතා නිදහස් සන්ධාන ජන රැළිය නිල වශයෙන් ප්‍රචාරය කරමින් මෙහි විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිත ය.

එෆ්.එම්. 99.6 ඔස්සේ අලුයම 5.00සිට රාත්‍රී 10.00 දක්වා මෙම නාලිකාව ශ්‍රවණය කිරීමේ හැකියාව ඇත.

Subscribe to: Posts (Atom)