|| - LankaNewZ - ||

More about Sri Lankan News.


undefined undefined

ධර්මපුරම් හි පිහිටි සාමාන්‍ය ජනතාව රැඳී සිටින සුභසාධන කඳවුරේ අද (පෙබ. 09) 11.40 ට පමණ සිදුවූ එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් 17 ‍ෙදනෙකු මියගොස් තවත් 45 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා සඳහන් කරයි. තුවාල කරුවන් ගිලන්රථ මගින් කිලිනොච්චි රෝහල වෙත රැගෙන ගොස් ඇත.

කොටි ග්‍රහණයෙන් මිඳී පලා එන සිවිල් වැසියන් දහස් ගණනක් අතරේ පැමිණි මෙම මරාගෙන මැරෙන බෝම්බකාරිය, යුද හමුදා සෙබළුන් සාමාන්‍ය වැසියන් පරීක්ෂාකරන අතරතුරේදී මෙම බෝම්බය පුපුරවාගෙන ඇති අතර, මෙම පිපිරීමෙන් මියගිය හා තුවාල ලැබූ සංඛ්‍යාව මෙයට වඩා වැඩි විය හැකි බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි. මෙම අවස්ථාවේදී කාන්තාවන් හා කුඩා ළමයින් විශාල පිරිසක් මෙම ස්ථානයේ රැඳී සිට ඇත.

එල්.ටී.ටී.ඊ. ග්‍රහණයෙන් මිඳී ආරක්ෂක රැකවරණ පතා පැමිණෙන සාමාන්‍ය වැසියන්ගේ පැමිණීම වැළැක්වීමේ අරමුණෙන් මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල කර ඇති බව යුද විශ්ලේෂකයිගේ මතයයි.

Subscribe to: Posts (Atom)