|| - LankaNewZ - ||

More about Sri Lankan News.


undefined undefined

මුලතිව් කොටි ත්‍රස්ත ග්‍රහණයේ පවතින ප්‍රදේශවල සිටි සාමාන්‍ය වැසියන් පිරිසක් ඊයේ ( 16 ) දිනයේ මුහුදු මාර්ගයෙන් පැමිණ නාවික හමුදාව වෙත භාරවී ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. සාමාන්‍ය වැසියන් 440ක් මෙසේ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙතට පැමිණ ඇති අතර ඔවුන්ගෙන් 315ක් රෝගීන් වන අතර ඔවුන්ගේ උපස්ථායකයින් 125ක්ද මේ පිරිසට අයත් වේ.

undefined undefined

දේශපාලන නායකයන් මරා දමමින් ඉන්දු-ලංකා ගිවිසුම කුණු කූඩයට දැමූ එල්.ටී.ටී.ඊ.ය ලංකාවේ වර්තමාන තත්ත්වයට වගකිව යුතු යැයි ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැති පී. චිදම්බරම් මහතා ප‍්‍රකාශ කැර ඇත.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ තමිල්නාඩුවේ මහජන රැලියක් අමතමිනි.

ප‍්‍රභාකරන් දමිළ ජනතාවගේ එකම නායකයා නොවන බවද ශ‍්‍රී ලංකාවේ ජාතික ප‍්‍රශ්නය විසැඳීම සඳහා මෙවන් ආඥාදායකයෙකුට බලයට ඒමට උදවු කිරීමෙන් විසඳුමක් නොලැබෙන බවද ඔහු පවසා තිබේ.

කිසිදු හමුදාවක් ත‍්‍රස්තවාදී කණ්ඩායමක් සමඟ සාකච්ඡාවට සූදානම් නැති බවද ප‍්‍රභාකරන් වහාම ආයුධ බිම තැබිය යුතු බවද මේ තාක් කිසිදු කාලයක අවිගත් කණ්ඩායමක් විසින් කළ ඉල්ලීම් සාර්ථක වී නැති බවද ඔහු ප‍්‍රකාශ කැර තිබේ.

එල්.ටී.ටී.ඊ.ය අවි බිම තබා සාකච්ඡා කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් ශ‍්‍රී ලංකා රජයට යුද්ධය නැවැත්වීම සඳහා ඉන්දියාව බලපෑම් කරනු ඇතැයිද ප‍්‍රකාශ කැර ඇති චිදම්බරම් මහතා ඉන්දියාවට ජම්මු කාශ්මීරයේ සන්නද්ධ කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමට නොහැකි නම් තවත් ස්වෛරීය රාජ්‍යයකට සන්නද්ධ කණ්ඩායමක් සමඟ සාකච්ඡා කරන ලෙස කීමට සදාචාරාත්මක අයිතියක් නැති බවද සඳහන් කර ඇත.

undefined undefined

ශ්‍රී ලංකාවේ ගැටුම් පවතින ප්‍රදේශවලින් පලා යෑමට තැත් කරනු ලබන දසදහස් ගණනක් සිවිල් වැසියන්ව එයින් පිටවීම වළක්වාලමින් ඔවුන්ට එල්. ටී. ටී. ඊ. ය වෙඩි තබන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි ඇතැම් අවස්ථාවලදී සිවිල් වැසියන් ඝාතනය කිරීමට ද එල්. ටී. ටී. ඊ. ය ක්‍රියාකරන බව ශ්‍රී ලංකාවේ පවතින් තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

Subscribe to: Posts (Atom)