|| - LankaNewZ - ||

More about Sri Lankan News.


undefined undefined

මුලතිව් නන්තිකන්දාල් කලපුවට බටහිරින් වූ ප්‍රදේශයේ දී යුද හමුදාවේ 59 වන සේනාංකය සහ එල්.ටී.ටි.ඊ. ත්‍රස්තවාදීන් අතර ඊයේ (පෙබ 01) දිනයේ දී දරුණු ගැටුම් පැවති බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ගැටුම් වලදී ත්‍රස්තවාදීන්ට බරපතල හානි සිදු වී ඇතැයි ද ආරක්ෂක ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

උදෑසන සිට ආරම්භ වූ සටන් සවස 6 පමණ වන තුරු පැවති අතර ත්‍රස්තවාදීන් නොකඩවා යුද මුක්ත කලාපයේ සිට යුද හමුදාව වෙත කාලතුවක්කු ප්‍රහාර එල්ල කර ඇත. කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයන්ට සාර්ථකව ප්‍රහාර එල්ල කළ යුද හමුදා භට පිරිස් ත්‍රසත්වාදීන්ගේ ශක්තිමත් ස්ථාන කිහිපයක් විනාශ කිරීමට ද සමත් විය. මේ වන විට ප්‍රදේශයේ සෝදිසි සහ බලය තහවුරු කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන බව යුද හුමදා ආරංචි මාර්ග සඳහන් කරයි.

undefined undefined

දශක 03ක් තිස්සේ අහිංසක ද්‍රවිඩ ජනතාව ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගනිමින් රටේ සමස්ත ජනතාවම භීතියට පත් කළ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට දැන් ඉතුරුව ඇති එකම විකල්පය අවි බිම තබා ආරක්ෂක හමුදාවන්ට භාර වීම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. එතුමා මේ බව පැවසුවේ ඊයේ (01) හඟුරන්කෙත පොරමඬුල්ල ක්‍රීඩාංගනයේ පැවති ජන හමුව අමතමිනි.

undefined undefined

මුලතිව් හි පිහිටි එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයන් වෙත ඊයේ (පෙබ. 01) දිනය තුලදී දෙවරක් ගුවන් ප්‍රහාර එල්ල කළ බව ගුවන් හමුදාව පවසයි. මෙම ප්‍රහාර සඳහා ප්‍රහාරක ජෙට් යානා උපයෝගී කර ගෙන තිබේ.

මුලතිව් උතුරු ප්‍රදේශයේ කොටි ත්‍රස්තවාදීන් එක්රැස් වී සිටි ස්ථානයකට මිග් 27 ප්‍රහාරක ජෙට් යානා උපයෝගී කර ගනිමින් සවස 4 ට පමණ ප්‍රහාර දියත් කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර මහතා පැවසීය. ගොඩබිම් සටන් වල නිරත වී සිටින යුද හමුදාවේ 59 වන සේනාංකයේ භට පිරිස් විසින් ‍ප්‍රහාරය සඳහා අවශ්‍ය තොරතුරු ලබා දී ඇත.

undefined undefined

ශ්‍රී ලංකා රජය විසින් අහිංසක සිවිල් වැසියන් නිදහස් කිරීම සඳහා එල්.ටී.ටි.ඊ. ත්‍රස්තවාදීන්ට ලබා දී තිබූ පැය 48 ක කාලය මේ වන විට අවසන් වී තිබේ. නමුත් මුලතිව් ඉතා සීමිත බිම්කඩකට සීමා වී සිටින කොටි ත්‍රස්තවාදීන් දමිළ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව පිළිබඳ කිසිදු තැකීමක් නොකර තවමත් එම සිවිල් වැසියන් පිරිස මිනිස් පළිහක් ලෙස යොදා ගනිමින් ආරක්ෂක හමුදා වෙත ප්‍රහාර එල්ල කරමින් සිටී.

Subscribe to: Posts (Atom)