|| - LankaNewZ - ||

More about Sri Lankan News.


undefined undefined

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මිදී පලා එමින් සිවිල් වැසියන් 43 දෙනකු බේරා ගැනීමට නාවික හමුදාව මුලතිව් මුහුදේ දී ඊයේ (ජන 31) සමත් විය.

මෙම පිරිස පවුල් 11 කට අයත් වන අතර කාන්තාවන් 13 දෙනෙකු , පිරිමි 14 දෙනෙකු සහ කුඩා ළමුන් 16 දෙනෙකුගෙන් සමන්විත වේ. කුඩා ප්‍රමාණයේ ඩිංගි යාත්‍රාවන් දෙකක නැගී මුලතිව් මුහුදේ ආරක්ෂක රැකවල්හි යෙදී සිටින නාවික හමුදා යාත්‍රා වෙත පැමිණීමට මෙම පිරිස සමත් වී ඇත. මේ දිනවල මුලතිව් මුහුද තීරයේ පවතින මුහුදේ රළු බවද නොසලකා තම ජීවිත පවා පරදුවට තබමින් මෙලෙස පැමිණියේ කොටි ත්‍රස්තවාදීන්ගේ එල්ල වන අමානුෂික වද හිංසා ඉවසා ගත නොහැකිව බව ඔවුන් පවසති. මෙම පිරිස පුල්මුඩෙයි පිහිට නාවික හමුදා අණු ඛණ්ඩය වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර ඔවුන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම්, ආහාර පාන, වෛද්‍ය පහසුකම් ඇතුළු සියලු අවශ්‍යතා සපයා දී ඇත.

0 විවේචන

Post a Comment

Subscribe to: Post Comments (Atom)