undefined
undefined
මීට ස්වල්ප වේලාවකට පෙර පකිස්තානයේ ලාහෝර්හිදී සිදු වූ වෙඩි තැබීමකින් ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
තිලාන් සමරවීර, තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස් හා කුමාර සංගක්කාර යන ක්රීඩයන් මේ අතර වේ.
ඔවුන් මෙම ප්රහාරයට ලක්ව ඇත්තේ ශ්රී ලංකාව හා පකිස්තානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ තෙවන දිනයට සහභාගි වීම සඳහා ගඩාෆි ක්රීඩාංගනය වෙත බස් රථයෙන් පැමිණ ක්රීඩා පිටියට ඇතුළු වෙමින් සිටි අවස්ථාවේදීය. මෙහිදී පොලිස් නිලධාරීන් 05 දෙනෙකු ද මිය ගොස් ඇත.
මෙම වෙඩි තැබීමට හේතුව හෝ කවුරුන් විසින් මෙය සිදු කරන ලද්දේ ද යන්න පිළිබඳව මේ වන විට අනාවරණය වී නොමැත. පකිස්තානයේ ආරක්ෂක අංශ මේ වන විට සෝදිසි මෙහෙයුම් ක්රියාත්මක කරයි.
මෙම සිද්ධිය හේතුවෙන් ශ්රී ලංකාව සහ පකිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගය ද අත්හිටුවා ඇත.