දේශපාලන නායකයන් මරා දමමින් ඉන්දු-ලංකා ගිවිසුම කුණු කූඩයට දැමූ එල්.ටී.ටී.ඊ.ය ලංකාවේ වර්තමාන තත්ත්වයට වගකිව යුතු යැයි ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැති පී. චිදම්බරම් මහතා ප‍්‍රකාශ කැර ඇත.
ඇමැතිවරයා මේ බව කියා සිටියේ තමිල්නාඩුවේ මහජන රැලියක් අමතමිනි.
ප‍්‍රභාකරන් දමිළ ජනතාවගේ එකම නායකයා නොවන බවද ශ‍්‍රී ලංකාවේ ජාතික ප‍්‍රශ්නය විසැඳීම සඳහා මෙවන් ආඥාදායකයෙකුට බලයට ඒමට උදවු කිරීමෙන් විසඳුමක් නොලැබෙන බවද ඔහු පවසා තිබේ.
කිසිදු හමුදාවක් ත‍්‍රස්තවාදී කණ්ඩායමක් සමඟ සාකච්ඡාවට සූදානම් නැති බවද ප‍්‍රභාකරන් වහාම ආයුධ බිම තැබිය යුතු බවද මේ තාක් කිසිදු කාලයක අවිගත් කණ්ඩායමක් විසින් කළ ඉල්ලීම් සාර්ථක වී නැති බවද ඔහු ප‍්‍රකාශ කැර තිබේ.
මුලතිව් - පරන්තන් (ඒ 35) මාර්ගයට උතුරු දෙසින් වූ ප්‍රදේශයේ මෙහෙයුම් දියත් කරමින් සිටින යුද හමුදාවේ 58 වන සේනාංකයේ භට පිරිස් සහ කොටි ත්‍රස්තවාදීන් අතර ඊයේ (12) දිනයේ දී අවස්ථා ගණනාවකදී ගැටුම් හට ගෙන තිබේ.
ආරක්ෂක වාර්තා සඳහන් කරන අන්දමට කුප්පිලාන්කුලම් ප්‍රදේශයේ දී දෙපාර්ශවය අතර දරුණු ගැටුම් හට ගෙන ඇති අතර එම ගැටුම් වලදී ත්‍රස්තවාදීන්ට බරපතල හානි සිදු වී තිබේ. ගැටුම් වලින් අනතුරුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී ත්‍රස්තවාදීන්ගේ මළ සිරුරු 02ක්, ටී 56 ගිනි අවි 2ක්, පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් සහ යතුරු පැදියක් සොයා ගැනීමට හැකි වී ඇත.
මේ අතර කුප්පිලාන්කුලම ප්‍රදේශයේ ස්ථාන ගත වී සිටින යුද හමුදා ස්නයිපර් ප්‍රහාරකයින් විසින් අවස්ථා දෙකකදී කොටි ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කර ත්‍රස්තවාදීන් දෙදෙනෙකු මරා දමා තිබේ.
ගූවන් හමුදා වාර්තා වල දැක්වෙන පරිදි රත්මලාන ගූවන් තොටුපොලින් ගුවන් ගත කරනු ලැබු මෙම ආහාර තොගය සිවිල් ජනතාව අතර බෙදා හැරිම සදහා 58 වන සේනාංකය වෙත බාර දී ඇත.
මෙරට දමිල ඡනතාවගේ එකම නියෝජිතයායැයි කියා ගන්නා එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත ග්‍රහණයෙන් මිදී ආරක්ෂක අංශ රැකවරණය පතා පලාඑන බාල, තරුණ, මහළු අවිහිංසක සිවිල් වැසියන් ට වෙඩි තබා මරා දමද්දී ආරක්ෂක අංශ මේ වන විට එම අසරණ ජනතාව ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් දියත් කරමින් සිටී.
විශ්‍රාමික හමුදා නිළධාරී මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු පිරිසක් පසුගිය වසරේදී අනුරාධපුර ප්‍රදේශයේදී ඝාතනය කිරීම සම්බන්ධව ප්‍රධාන සැකකරුවෙක් ශ්‍රී ලංතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් ආරංචි මාර්ග වල දැක්වෙන පරිදි නෙසියකුලම් - මාන්කුලම් ප්‍රදේශයේ පදිංචි අබුසාලි ජබීර් ලෙස හඳුනා ගෙන ඇති මෙම සැකකකරු විසින් මන්ද බුද්ධික මරාගෙන මැරෙන බෝම්බකරු සිය භාරයේ සෙට්ටිකුලම සිට මැදවච්චිය ප්‍රදේශයට රැගෙන විත් වෙනත් අයෙක් වෙත ඔහුව භාර දී තිබිණි. ඊයේ (පෙබරවාරි 10) දින අළුයම 5.15 ට පමණ සියඹලාන්ඩුව, නෙරියකුලම පොලිස් මාර්ග ඝාධකයේදී මෙම සැකකරු අත්අඩංගුවට පත්වූ බව වැඩි දුරටත් එම ආරංචි සඳහන් කරයි.
මුලතිව් පුතුකුඩිඉරිප්පු බටහිර ප්‍රදේශයේ මෙහෙයුම් වල නිරත වී සිටින යුද හමුදාවේ කාර්ය සාධක බළකා 2 ට අයත් භට පිරිස් විසින් එල්.ටී.ටි.ඊ. ග්‍රහණයෙන් මිදී පලා එමින් සිටි තවත් සිවිල් වැසියන් 970 දෙනෙකු බේරා ගැනීමට අද (පෙබ 10) උදෑසන සමත් විය.
මෙම පිරිස අද උදෑසන 6 ත් 7 ත් අතර කාලයේ දී කොටි ත්‍රස්තවාදීන්ගේ වෙඩි ප්‍රහාරයන් මධ්‍යයේ ආරක්ෂක අංශ වෙත ලඟා වූ බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි. කොටින්ගේ වෙඩි ප්‍රහාර වලට ලක්වීමෙන් සිවිල් වැසියන් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් 10 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද වාර්තා සඳහන් කරයි. තුවාල ලැබූවන්ගෙන් වැඩි පිරිසක් කාන්තාවන් හා කුඩා ළමුන් වේ.
සුළු තුවාල ලැබූවන් සඳහා යුද හමුදාව එම ප්‍රදේශයේ දීම ප්‍රතිකාර ලබා දීමට කටුයුතු කර ඇති අතර බරපතල තත්ත්වයේ පසුවන්නන් ප්‍රථමාධාර ලබා දීමෙන් අනතුරුව ගුවන් මගින් අනුරාධපුර සහ වව්නියාව රෝහල් වෙත පිටත් කර යැවීමට කටයුතු කොට තිබේ.
ධර්මපුරම් හි පිහිටි සාමාන්‍ය ජනතාව රැඳී සිටින සුභසාධන කඳවුරේ අද (පෙබ. 09) 11.40 ට පමණ සිදුවූ එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් 17 ෙදනෙකු මියගොස් තවත් 45 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා සඳහන් කරයි. තුවාල කරුවන් ගිලන්රථ මගින් කිලිනොච්චි රෝහල වෙත රැගෙන ගොස් ඇත.
කොටි ග්‍රහණයෙන් මිඳී පලා එන සිවිල් වැසියන් දහස් ගණනක් අතරේ පැමිණි මෙම මරාගෙන මැරෙන බෝම්බකාරිය, යුද හමුදා සෙබළුන් සාමාන්‍ය වැසියන් පරීක්ෂාකරන අතරතුරේදී මෙම බෝම්බය පුපුරවාගෙන ඇති අතර, මෙම පිපිරීමෙන් මියගිය හා තුවාල ලැබූ සංඛ්‍යාව මෙයට වඩා වැඩි විය හැකි බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි. මෙම අවස්ථාවේදී කාන්තාවන් හා කුඩා ළමයින් විශාල පිරිසක් මෙම ස්ථානයේ රැඳී සිට ඇත.
එල්.ටී.ටී.ඊ. ග්‍රහණයෙන් මිඳී ආරක්ෂක රැකවරණ පතා පැමිණෙන සාමාන්‍ය වැසියන්ගේ පැමිණීම වැළැක්වීමේ අරමුණෙන් මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල කර ඇති බව යුද විශ්ලේෂකයිගේ මතයයි.
ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින තරග 5න් දැනට තරග 4ක් අවසන් ව තිබෙන අතර, එම තරග 4ම ජයගන්නට ඉන්දියානුවන් සමත් විය. අද දින එම තරගාවලියේ අවසාන (5 වෙනි) තරගය පැවැත්වෙන අතර, එහි කාසියේ වාසිය දිනාගත් මහේල ජයවර්ධන ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කල අතරම, කණ්ඩායමේ ඉතා විශිෂ්ට පිතිකරනයක් මත කඩුලු 8කට ලකුණු 320 ක් ලබාගැනීමට හැකිවින. ලකුණු 321 ක ඉලක්කයක් කරා පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායම මේ වන විට පන්දු වාර 21 ක් තුල , කඩුල්‍ර 5 කට ලකුණු 121 ක් ලබා සිටී. ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් පරාජයන් ගැන බලන කල තරගාවලියේ අන්ත පරාජයෙන් වැලකී සිටීමට මෙම තරගය වත් ජයගැනීමට අවශ්‍යතාවය ඇත.එල්.ටී.ටී.ඊ.යේ ත්‍රස්තවාදී නායකයෙකු සැඟවී සිටි ස්ථානයක් සහ තවත් කොටි ඉලක්ක හතකට ඊයේ ගුවන් ප්‍රහාර එල්ල කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ජනක නානායක්කාර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් පවසා ඇත.
මුලතිව්, පුතුකුඩිඉරුප්පු මංසන්දියේ සිට කිලෝමීටරයක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ කොටි නායකයා සැඟව සිටි ස්ථානයට ඊයේ (6) පස්වරුවේ දී ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.
දහවල් 1.45 ට සහ සවස 4.45 ට ප්‍රහාරඑල්ල කළ අතර ප්‍රථම ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ සිටම ත්‍රස්තවාදීන්ගේ පණිවිඩ හුවමාරු සියල්ල නතර වී තිබූ බව වාර්තාවේ. ඊයේ සවස 6.00 වන විට නන්තිකන්ඩාල් කලපුවේ සිට වයඹ දෙසින් සහ පුදුකුඩුඉරිප්පු මංසන්දියේ සිට කිමී1.5ක් ඊසාන දෙසින් පිහිටි කොටි ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර 6ක් ල්ල කර තිබේ.
මේ ප්‍රහාර සඳහා මිග්, කෆීර්, එෆ් 7 සහ එම්.අයි. 24 ප්‍රහාරක යානා යොදාගත් බව නානායක්කාර මහතා පැවසීය.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ආරම්භ කරන නවතම ගුවන්විදුලි සේවය වන ‘වයඹ හඬ’ එෆ්.එම්.විකාශය අද (07) ආරම්භ වේ. ‘මුහුදු රැල්ලේ සිට කඳු රැල්ල’ දක්වා නම් තේමාව යටතේ මෙය ක්‍රියාත්මක කෙරේ.
මෙම ගුවන්විදුලි සේවයේ මූලික අරමුණු අතර වයඹ පළාතේ ජාතික සංවර්ධනයට මෙහෙවරක් ඉටු කිරීම, වයඹ සංස්කෘතික උරුමය හා කෘෂිකර්මය නඟා සිටුවීම, හරවත් ගුවන්විදුලි ශ්‍රාවක පිරිසක් බිහි කිරීම යනාදිය වේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගිවන ඇතුගල්පුර එක්සත් ජනතා නිදහස් සන්ධාන ජන රැළිය නිල වශයෙන් ප්‍රචාරය කරමින් මෙහි විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිත ය.
එෆ්.එම්. 99.6 ඔස්සේ අලුයම 5.00සිට රාත්‍රී 10.00 දක්වා මෙම නාලිකාව ශ්‍රවණය කිරීමේ හැකියාව ඇත.
ශ්රී ලංකාව හමුවේ ලබාගත් ජයග්‍රහණ මත ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම එක්දින ශ්‍රේණි ගත කිරීම් අතර දෙවැනි ස්ථානය ට පැමිණ ඇත. ඒ අනුව දකුණු අප්‍රිකාව පළමු ස්ථානයෙත්, ඕස්ට්‍රේලියාව තුන් වන ස්ථානයත් ලබා ගෙන සිටී. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය තුල තරග කර අන්දම, ඉතාමත් පහත් මට්ටමක දකින්නට ලැබුනු අතර මේ වන විට පැවති තරග 4 න් තරග 4 ම ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කලේ ඉතාමත් පහසුවෙනි.










