|| - LankaNewZ - ||

More about Sri Lankan News.


මුලතිව් නන්තිකන්දාල් කලපුවට බටහිරින් වූ ප්‍රදේශයේ දී යුද හමුදාවේ 59 වන සේනාංකය සහ එල්.ටී.ටි.ඊ. ත්‍රස්තවාදීන් අතර ඊයේ (පෙබ 01) දිනයේ දී දරුණු ගැටුම් පැවති බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ගැටුම් වලදී ත්‍රස්තවාදීන්ට බරපතල හානි සිදු වී ඇතැයි ද ආරක්ෂක ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

උදෑසන සිට ආරම්භ වූ සටන් සවස 6 පමණ වන තුරු පැවති අතර ත්‍රස්තවාදීන් නොකඩවා යුද මුක්ත කලාපයේ සිට යුද හමුදාව වෙත කාලතුවක්කු ප්‍රහාර එල්ල කර ඇත. කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයන්ට සාර්ථකව ප්‍රහාර එල්ල කළ යුද හමුදා භට පිරිස් ත්‍රසත්වාදීන්ගේ ශක්තිමත් ස්ථාන කිහිපයක් විනාශ කිරීමට ද සමත් විය. මේ වන විට ප්‍රදේශයේ සෝදිසි සහ බලය තහවුරු කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන බව යුද හුමදා ආරංචි මාර්ග සඳහන් කරයි.

දශක 03ක් තිස්සේ අහිංසක ද්‍රවිඩ ජනතාව ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගනිමින් රටේ සමස්ත ජනතාවම භීතියට පත් කළ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට දැන් ඉතුරුව ඇති එකම විකල්පය අවි බිම තබා ආරක්ෂක හමුදාවන්ට භාර වීම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. එතුමා මේ බව පැවසුවේ ඊයේ (01) හඟුරන්කෙත පොරමඬුල්ල ක්‍රීඩාංගනයේ පැවති ජන හමුව අමතමිනි.

මුලතිව් හි පිහිටි එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයන් වෙත ඊයේ (පෙබ. 01) දිනය තුලදී දෙවරක් ගුවන් ප්‍රහාර එල්ල කළ බව ගුවන් හමුදාව පවසයි. මෙම ප්‍රහාර සඳහා ප්‍රහාරක ජෙට් යානා උපයෝගී කර ගෙන තිබේ.

මුලතිව් උතුරු ප්‍රදේශයේ කොටි ත්‍රස්තවාදීන් එක්රැස් වී සිටි ස්ථානයකට මිග් 27 ප්‍රහාරක ජෙට් යානා උපයෝගී කර ගනිමින් සවස 4 ට පමණ ප්‍රහාර දියත් කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර මහතා පැවසීය. ගොඩබිම් සටන් වල නිරත වී සිටින යුද හමුදාවේ 59 වන සේනාංකයේ භට පිරිස් විසින් ‍ප්‍රහාරය සඳහා අවශ්‍ය තොරතුරු ලබා දී ඇත.

ශ්‍රී ලංකා රජය විසින් අහිංසක සිවිල් වැසියන් නිදහස් කිරීම සඳහා එල්.ටී.ටි.ඊ. ත්‍රස්තවාදීන්ට ලබා දී තිබූ පැය 48 ක කාලය මේ වන විට අවසන් වී තිබේ. නමුත් මුලතිව් ඉතා සීමිත බිම්කඩකට සීමා වී සිටින කොටි ත්‍රස්තවාදීන් දමිළ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව පිළිබඳ කිසිදු තැකීමක් නොකර තවමත් එම සිවිල් වැසියන් පිරිස මිනිස් පළිහක් ලෙස යොදා ගනිමින් ආරක්ෂක හමුදා වෙත ප්‍රහාර එල්ල කරමින් සිටී.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මිදී පලා එමින් සිවිල් වැසියන් 43 දෙනකු බේරා ගැනීමට නාවික හමුදාව මුලතිව් මුහුදේ දී ඊයේ (ජන 31) සමත් විය.

මෙම පිරිස පවුල් 11 කට අයත් වන අතර කාන්තාවන් 13 දෙනෙකු , පිරිමි 14 දෙනෙකු සහ කුඩා ළමුන් 16 දෙනෙකුගෙන් සමන්විත වේ. කුඩා ප්‍රමාණයේ ඩිංගි යාත්‍රාවන් දෙකක නැගී මුලතිව් මුහුදේ ආරක්ෂක රැකවල්හි යෙදී සිටින නාවික හමුදා යාත්‍රා වෙත පැමිණීමට මෙම පිරිස සමත් වී ඇත. මේ දිනවල මුලතිව් මුහුද තීරයේ පවතින මුහුදේ රළු බවද නොසලකා තම ජීවිත පවා පරදුවට තබමින් මෙලෙස පැමිණියේ කොටි ත්‍රස්තවාදීන්ගේ එල්ල වන අමානුෂික වද හිංසා ඉවසා ගත නොහැකිව බව ඔවුන් පවසති. මෙම පිරිස පුල්මුඩෙයි පිහිට නාවික හමුදා අණු ඛණ්ඩය වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර ඔවුන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම්, ආහාර පාන, වෛද්‍ය පහසුකම් ඇතුළු සියලු අවශ්‍යතා සපයා දී ඇත.

මේ වන විට මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ මෙහෙයුම් වල නිරත වී සිටින යුද හමුදාවේ 58 වන සේනාංකයේ භට පිරිස් ඊයේ (ජන 31) දිනයේ දී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් පරාජය කර යුද ජයග්‍රහණ රැසක් අත් කර ගැනීමට සමත් වූ බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.

582 වන බල සේනාව යටතේ ක්‍රියාත්මක වන 11 වන පාබල රෙජිමේන්තුවට අයත් භට පිරිස් ඊයේ උදෑසන පිරමන්තල්කුලම් දකුණු ප්‍රදේශයේ දී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ඉතාමත් ආරක්ෂා සහිතව ඉදි කර තිබූ යුද කඳවුරක් අත්පත් කර ගැනීමට සමත් විය.

ඒ 35 (පරන්තන් - මුලතිව්) මාර්ගය ඔස්සේ නැගෙනහිර දෙසට මෙහෙයුම් දියත් කරමින් සිටියදී 12 වන සැතපුම් කණුවට උතුරින් වූ ප්‍රදේශයේ පිහිටා තිබූ මෙම කඳවුර අත්පත් කර ගැනීමට භට පිරිස් සමත් විය.. එහි රැඳී සිටි ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කළ භට පිරිස් කඳවුරේ බලය සියතට ගැනීමට සමත් විය. මෙහිදී දෙපාර්ශවය අතර දරුණු ගැටුම් ඇවිලී ගිය බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි. ප්‍රහාරයෙන් පසුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමේ දී මිය ගිය ත්‍රස්තවාදීන් 9 දෙනෙකුගේ සිරුරු, ටී 56 ගිනි අවි 2ක්, ඇමෙරිකාවේ නිෂ්පාදිත එල්එම්ජී අවියක් සහ ඇමෙරිකාවේ නිෂ්පාදිත රසායනික අවි 9ක් ඇතුළු යුද උපකරණ රැසක් සොයා ගැනීමට හැකි විය. තවද මෙම කඳවුර තුල වූ වායුසමීකරණය කළ භූගත බංකරයක් ද සොයා ගැනීමට හැකි වී තිබේ.

කොටි ත‍්‍රස්තවාදීන් විසින් බලහත්කාරයෙන් සිරකැර ගෙන සිටින සාමාන්‍ය වැසියන් තුන්සීයකට වැඩි පිරිසක් රෝගාතුරව මරණාසන්න තත්ත්වයකට පත්ව ඇති අතර ඔවුන් බේරාගැනීමට පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයට ගිය අන්තර් ජාතික රතුකුරුස සංවිධානයේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධාන සාමාජිකයන් ත‍්‍රස්තවාදීන් විසින් ඊයේ (27) පලවා හැර ඇති බව වාර්තා වෙයි.

පලා යෑමට උත්සාහ කිරීමේදී ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රහාරවලට ලක්ව තුවාල ලැබූ හා මැලේරියාව, උණ හා වෙනත් රෝගවලින් බරපතළ ලෙස මේ පිරිස පීඩා විඳින බව රතුකුරුස සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධාන සාමාජිකයන් ආරක්‍ෂක අංශවලට වාර්තා කැර ඇත.

ඔවුන් බේරාගැනීම පිණිස එම සංවිධාන සාමාජිකයන් ඊයේ පෙරවරුවේ ගිලන් රථ 16ක් ට‍්‍රක් රථ 7ක් සමඟ පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයට ගොස් ඇත. රෝගීන් වවුනියාව රෝහලට ගෙනැවිත් ප‍්‍රතිකාර ලබාදීමට සියල්ල සූදානම් කැර තිබු බව යුද හමුදා මාධ්‍ය ඒකකය පවසයි.

මව්බිම නිදහස් කර ගැනීමේ සටනට තම දිවි පරදුවට තබා සටන් වැදී සිටින ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ සුභ සාධන කටයුතු සඳහා මුදල් පරිත්‍යාග කිරීමේ උත්සවයක් ඊයේ ජන 27) ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ෂෙහාන් ද සිල්වා නම් දේශහිතෛෂියකු විසින් මෙහිදී රුපියල් 15,000 ක මුදලක් සුභ සාධන අරමුදලට පරිත්‍යාග කිරීම සිදු විය.

එල්ටීටීඊ නායක වෙල්‍රපීල්ලේ ප්‍රභාකරන් සැගව සිටියා යයි සැක කරන විදුලි සෝපානයක් සහිත භූගත බංකරයක් සහිත ගොඩනැගිල්ලක් මුලතිව් විෂ්වමඩු කැලෑ ප්‍රදේෂයෙන් යුද හමුදාව විසින් ඊයේ දින සොයාගත් බව ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානය පැවසීය.

ආර්. ඒ මුරැගාදොස් විසින් අධ්‍යක්ෂණය කල මෙම හින්දි (බොලිවුඩ්) චිත්‍රපටය නිකුත් වූ දින (දෙසැම්බර් 25) සිට දින 23 ක් ගතවනවිටදිම වාර්තා පිට වාර්තා පිහිටුවමින් තිරගතවේ. අමීර් ඛාන් රගන "ගජිනි" චිත්‍රපටය සදහා වැය වූ වියදම ඇමරිකානු ඩොලර් 9,000,000 ක් වන අතර අපේක්ෂිත ආදායම ඇමරිකානු ඩොලර් 69,000,000 ක් වනු ඇතැයි ද, සදහන්. මෙම හින්දි චිත්‍රපටය, චන්ද්‍රසේකරන් නැමැති දමිල අධ්‍යක්ෂක වරයාගේ දමිල "ගජිනි" චිත්‍රපටය මුල් කරගෙන නිෂ්පාදනය කර ඇත. මෙහි සංගීත අධ්‍යක්ෂණයද විශිෂ්ටතමයෙකු වන ඒ.ආර් රාහ්මන් මහතාගෙනි. මෙම චිත්‍රපටය පැය 3 සහ විනාඩි 21 කින් සමන්විත වන අතර අති විශාල ප්‍රේක්ශක ප්‍රතිචාර ද ලැබෙමින් පවතින බව බෙදාහරින්නන් පවසයි.

මුලතිව් උතුරැ මුහුදේදී අද අලුයම යුද හමුදාව විසින් එල්ල කල ප්‍රහාරයකින් එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝට්ටුවක් විනාශ වු බව නාවික හමුදා ප්‍රකාෂක කමාන්ඩර් ඩි. කේ. පි. දසනායක මහතා පැවසිය.

සිංහල භාෂාවෙන් මෙම අඩවිය පවත්වාගෙන යාමට, බොහෝ දෙනාගේ ඉල්ලීම මත ගත් තීරණය තවත් කිහිප දෙනෙකුගේ විවෙචනයට භාජණය විය. ඒ අනුව අප විසින් ගත්තා වූ එම තීරණය ගැන අපට නැවතත් සිතීමට සිදුව ඇත. එබැවින් කරැණාකර මෙම කාරණය ගැන ‍ඔබෙ තීරණයද දැන ගන්නට කැමැත්තෙමු. එබැවින් ඔබගේ වටිනා කාලයෙන් විනාඩියක පමණ කාලයක් ගෙන අප වෙත ඔබේ වටිනා අදහස් එවන මෙන් අප කණ්ඩායම ඔබෙන් කාරැණිකව ඉල්ලා සිටිමු

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම, පන්දු යැවීමට තීරණය කල අතර ඒ අනුව පන්දුවට පහරදීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමෙ ආරමිභක පිතිකරැ සමිබන්ධතාවයද ලකුණු 0 ක් වීම අවාසනාවන්ත කාරණයක් විය. නමුත් සනත් ජයසූරියගේ විශිෂ්ට ශතකය නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට යමි ස්ථාවර මට්ටමකට එන්නට හැකියාව ලැබින. අවසානයේදී පන්දු වාර 50 අවසානයේදී ලකුණු 246 ක් ලබාගත් අතර, ලකුණු 247 ක ඉලක්කයක් කරා පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායම, පන්දු වාර 48.1 කදී කඩුලු 4 ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ලන්නට සමත් විය.

රිවිර පුවත්පත් ආයතනය තම ඥාතියෙකුට අයත් බවත්, එම ආයතනය පොලිසියට, හෝ හමුදාවකට හානි වන අයුරකින් ක්‍රියා නොකල අතර , උපාලි සමරකෝන් මහතා ස්වාධීන පුවත්පත් මාධ්‍ය වෙිදියෙක් බවත් , ඔහුට කල පහරදීම තමාට කල පහර දීමක් හා සමාන යයිද ජනාධිපති තුමා ඊයේ අරලියගහ මන්දිරයේ පැවති කතෘවරැන් හමුවෙදී කියා සිටියේය.

2009 වසර මැතිවරණ වර්ෂයක් යයි කියු කියමන තහවුරැ කරමින් මධ‍‍‍‍‍‍‍්‍යම හා වයඹ පලාත් සභා මැතිවරණ පෙබරවාරි මස 14 වැනිදා පවත්වද්දී , අද දින මධ්‍යම රාත්‍රියේදී ඉතිරිව තිබූ පලාත් සභා 3 ද විසුරැවා හැරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව දකුණු , බස්නාහිර හා උ‍ව පලාත් සභා අද රාත්‍රියේදී විසුරැවනු ඇත.

fldá ixúOdkhg yÈis m%ydrhla t,a, lrñka ;dka;slkavd,a l,mqj Tiafia hqo yuqodj wo uq,;sõ k.rhg we;=¿ jQ nj;a ¨;skka l¾k,a chka; .=Kr;akf.a kdhl;ajfhka hq;a 593 n<> ì%f.aäh¾ kkao Wvj;a;f.a kdhl;ajfhka 59 jeks fiakdxlfha fin¿ o ¨;skka l¾k,a pñkao '''

LankaNewZ අඩවිය සිංහල භාෂාවෙන් පල කරන්න යන ඉල්ලීම, ඔබ අතුරින් බොහෝ දෙනෙකු විසින් කල ඉල්ලීමකි. එම ඉල්ලීමි වලට සාවදානව අවධානය යොමු කල අප කණ්ඩායම මෙ‍ම පුවත් එකතුව සිංහල භාෂාවෙන් ගෙන ඒමට කටයුතු සූදානමි කරමින් සිටී. ඔබ‍ලාගේ ඉල්ලීම අනුව අප විසින් ගනු ලැබූ මෙම තීරනය පිළිබද‍ව ඔබෙ අදහස් අප ‍වෙත යොමු කරන්න.

Sri Lanka Army 59 Division soldiers lead by Brigadier Nandana Udawatta have entered the LTTE's main garrison town Mullaittivu this evening (Jan 25).

According to the battlefield sources, troops of 593 Brigade lead by Lieutenant Colonel Jayantha Gunarathne have made a surprise attack across the Nanthikandal lagoon and entered the Mullaittivu town area this morning. Infantrymen of 7 Gemunu Watch (7 GW) lead by Lieutenant Colonel Chaminda Lamahewa have been in first to enter the town amid heavy terror resistance, the sources said.

The Mullaittivu town is situated in a narrow stretch of a land between Nanthikandal lagoon and the Indian Ocean. The town fell to the terrorists in 1996 and since then LTTE established its main military base there.

Once mop up operation completed the area will be declared liberated, the sources said.

It was over before the thousands of fans at the Gaddafi Stadium could blink. Sri Lanka inflicted one of the biggest annihilations in one-day internationals and trampled over Pakistan to post a 234-run win and take the series 2-1. It was the hosts' largest margin of defeat in ODIs: they were dismissed for 75 in reply to Sri Lanka's 309.

Sri Lanka's struggles against weak sides in recent months seemed a distant memory after the rout. The victory brought back memories of the time their bowlers dismantled India for 54 at Sharjah in 2000, after the batsmen had posted 299. They were not favourites to win this series, primarily due to an out-of-form top order, but the batsmen collectively shrugged off their poor form. Tillakaratne Dilshan set it up with a mature 137, Jayasuriya contributed 45, and Sangakkara made 50.

However, it was the speed at which the new-ball attack scythed through Pakistan that startled. Nuwan Kulasekara and Thilan Thushara used swing and seam movement to make up for the lack of express-pace and proved too difficult to handle for Pakistan's batsmen. Six Pakistan wickets fell before the tenth over, putting an end to the contest.

The conditions were predicted to favour the fast bowlers at the start of play but they got deadlier when Sri Lanka began bowling under lights. Thushara struck in the second over, trapping make-shift opener Younis Khan lbw, before Kulasekara found Salman Butt's edge to hand him a first-ball duck. It got worse for Pakistan when Kamran Akmal was caught in front by a Thushara delivery which cut in, skidded, and hit him low on the pads. The inspired bowling was backed up by superb fielding: Farveez Maharoof pulled off a blinder at short wicket, intercepting a full-blooded pull from Khurram Manzoor.

Even Misbah-ul-Haq had no answers to a delivery from Thushara and he edged to the wicketkeeper. Shahid Afridi fell four balls later, shouldering arms to a delivery that jagged back and had his off-stump flattened. Sections of the crowd that had cheered his entrance moments before began to leave.

Umar Gul walked in and began to time the ball through the gaps on the off side like a genuine batsman while Shoaib Malik stood helpless at the other end. Pakistan were 22 for 6 with no hope of recovery. The spinners wrapped up the tail and Muttiah Muralitharan picked up the final wicket, bowling Sohail Khan, to become the second bowler after Wasim Akram to take 500 ODI wickets. Pakistan's total of 75 was their lowest at home.

Students displaced from LTTE controlled areas arriving in Vauniya on Saturday were able to sit the G.C.E. (O/L) mathematics paper which was held for the second time following complaints about the paper. Here a part of the students seen sitting the exam held at a centre in Vavuniya

Subscribe to: Posts (Atom)