ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින තරග 5න් දැනට තරග 4ක් අවසන් ව තිබෙන අතර, එම තරග 4ම ජයගන්නට ඉන්දියානුවන් සමත් විය. අද දින එම තරගාවලියේ අවසාන (5 වෙනි) තරගය පැවැත්වෙන අතර, එහි කාසියේ වාසිය දිනාගත් මහේල ජයවර්ධන ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කල අතරම, කණ්ඩායමේ ඉතා විශිෂ්ට පිතිකරනයක් මත කඩුලු 8කට ලකුණු 320 ක් ලබාගැනීමට හැකිවින. ලකුණු 321 ක ඉලක්කයක් කරා පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායම මේ වන විට පන්දු වාර 21 ක් තුල , කඩුල්‍ර 5 කට ලකුණු 121 ක් ලබා සිටී. ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් පරාජයන් ගැන බලන කල තරගාවලියේ අන්ත පරාජයෙන් වැලකී සිටීමට මෙම තරගය වත් ජයගැනීමට අවශ්‍යතාවය ඇත.
ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින තරග 5න් දැනට තරග 4ක් අවසන් ව තිබෙන අතර, එම තරග 4ම ජයගන්නට ඉන්දියානුවන් සමත් විය. අද දින එම තරගාවලියේ අවසාන (5 වෙනි) තරගය පැවැත්වෙන අතර, එහි කාසියේ වාසිය දිනාගත් මහේල ජයවර්ධන ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කල අතරම, කණ්ඩායමේ ඉතා විශිෂ්ට පිතිකරනයක් මත කඩුලු 8කට ලකුණු 320 ක් ලබාගැනීමට හැකිවින. ලකුණු 321 ක ඉලක්කයක් කරා පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායම මේ වන විට පන්දු වාර 21 ක් තුල , කඩුල්‍ර 5 කට ලකුණු 121 ක් ලබා සිටී. ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් පරාජයන් ගැන බලන කල තරගාවලියේ අන්ත පරාජයෙන් වැලකී සිටීමට මෙම තරගය වත් ජයගැනීමට අවශ්‍යතාවය ඇත.එල්.ටී.ටී.ඊ.යේ ත්‍රස්තවාදී නායකයෙකු සැඟවී සිටි ස්ථානයක් සහ තවත් කොටි ඉලක්ක හතකට ඊයේ ගුවන් ප්‍රහාර එල්ල කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ජනක නානායක්කාර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් පවසා ඇත.
මුලතිව්, පුතුකුඩිඉරුප්පු මංසන්දියේ සිට කිලෝමීටරයක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ කොටි නායකයා සැඟව සිටි ස්ථානයට ඊයේ (6) පස්වරුවේ දී ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.
දහවල් 1.45 ට සහ සවස 4.45 ට ප්‍රහාරඑල්ල කළ අතර ප්‍රථම ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ සිටම ත්‍රස්තවාදීන්ගේ පණිවිඩ හුවමාරු සියල්ල නතර වී තිබූ බව වාර්තාවේ. ඊයේ සවස 6.00 වන විට නන්තිකන්ඩාල් කලපුවේ සිට වයඹ දෙසින් සහ පුදුකුඩුඉරිප්පු මංසන්දියේ සිට කිමී1.5ක් ඊසාන දෙසින් පිහිටි කොටි ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර 6ක් ල්ල කර තිබේ.
මේ ප්‍රහාර සඳහා මිග්, කෆීර්, එෆ් 7 සහ එම්.අයි. 24 ප්‍රහාරක යානා යොදාගත් බව නානායක්කාර මහතා පැවසීය.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ආරම්භ කරන නවතම ගුවන්විදුලි සේවය වන ‘වයඹ හඬ’ එෆ්.එම්.විකාශය අද (07) ආරම්භ වේ. ‘මුහුදු රැල්ලේ සිට කඳු රැල්ල’ දක්වා නම් තේමාව යටතේ මෙය ක්‍රියාත්මක කෙරේ.
මෙම ගුවන්විදුලි සේවයේ මූලික අරමුණු අතර වයඹ පළාතේ ජාතික සංවර්ධනයට මෙහෙවරක් ඉටු කිරීම, වයඹ සංස්කෘතික උරුමය හා කෘෂිකර්මය නඟා සිටුවීම, හරවත් ගුවන්විදුලි ශ්‍රාවක පිරිසක් බිහි කිරීම යනාදිය වේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගිවන ඇතුගල්පුර එක්සත් ජනතා නිදහස් සන්ධාන ජන රැළිය නිල වශයෙන් ප්‍රචාරය කරමින් මෙහි විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිත ය.
එෆ්.එම්. 99.6 ඔස්සේ අලුයම 5.00සිට රාත්‍රී 10.00 දක්වා මෙම නාලිකාව ශ්‍රවණය කිරීමේ හැකියාව ඇත.
ශ්‍රී ලංකාව හමුවේ ලබාගත් ජයග්‍රහණ මත ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම එක්දින ශ්‍රේණි ගත කිරීම් අතර දෙවැනි ස්ථානය ට පැමිණ ඇත. ඒ අනුව දකුණු අප්‍රිකාව පළමු ස්ථානයෙත්, ඕස්ට්‍රේලියාව තුන් වන ස්ථානයත් ලබා ගෙන සිටී. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය තුල තරග කර අන්දම, ඉතාමත් පහත් මට්ටමක දකින්නට ලැබුනු අතර මේ වන විට පැවති තරග 4 න් තරග 4 ම ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කලේ ඉතාමත් පහසුවෙනි.
මුලතිව් නන්තිකන්දාල් කලපුවට බටහිරින් වූ ප්‍රදේශයේ දී යුද හමුදාවේ 59 වන සේනාංකය සහ එල්.ටී.ටි.ඊ. ත්‍රස්තවාදීන් අතර ඊයේ (පෙබ 01) දිනයේ දී දරුණු ගැටුම් පැවති බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ගැටුම් වලදී ත්‍රස්තවාදීන්ට බරපතල හානි සිදු වී ඇතැයි ද ආරක්ෂක ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.
උදෑසන සිට ආරම්භ වූ සටන් සවස 6 පමණ වන තුරු පැවති අතර ත්‍රස්තවාදීන් නොකඩවා යුද මුක්ත කලාපයේ සිට යුද හමුදාව වෙත කාලතුවක්කු ප්‍රහාර එල්ල කර ඇත. කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයන්ට සාර්ථකව ප්‍රහාර එල්ල කළ යුද හමුදා භට පිරිස් ත්‍රසත්වාදීන්ගේ ශක්තිමත් ස්ථාන කිහිපයක් විනාශ කිරීමට ද සමත් විය. මේ වන විට ප්‍රදේශයේ සෝදිසි සහ බලය තහවුරු කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන බව යුද හුමදා ආරංචි මාර්ග සඳහන් කරයි.
මුලතිව් හි පිහිටි එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයන් වෙත ඊයේ (පෙබ. 01) දිනය තුලදී දෙවරක් ගුවන් ප්‍රහාර එල්ල කළ බව ගුවන් හමුදාව පවසයි. මෙම ප්‍රහාර සඳහා ප්‍රහාරක ජෙට් යානා උපයෝගී කර ගෙන තිබේ.
මුලතිව් උතුරු ප්‍රදේශයේ කොටි ත්‍රස්තවාදීන් එක්රැස් වී සිටි ස්ථානයකට මිග් 27 ප්‍රහාරක ජෙට් යානා උපයෝගී කර ගනිමින් සවස 4 ට පමණ ප්‍රහාර දියත් කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර මහතා පැවසීය. ගොඩබිම් සටන් වල නිරත වී සිටින යුද හමුදාවේ 59 වන සේනාංකයේ භට පිරිස් විසින් ප්‍රහාරය සඳහා අවශ්‍ය තොරතුරු ලබා දී ඇත.
මෙම පිරිස පවුල් 11 කට අයත් වන අතර කාන්තාවන් 13 දෙනෙකු , පිරිමි 14 දෙනෙකු සහ කුඩා ළමුන් 16 දෙනෙකුගෙන් සමන්විත වේ. කුඩා ප්‍රමාණයේ ඩිංගි යාත්‍රාවන් දෙකක නැගී මුලතිව් මුහුදේ ආරක්ෂක රැකවල්හි යෙදී සිටින නාවික හමුදා යාත්‍රා වෙත පැමිණීමට මෙම පිරිස සමත් වී ඇත. මේ දිනවල මුලතිව් මුහුද තීරයේ පවතින මුහුදේ රළු බවද නොසලකා තම ජීවිත පවා පරදුවට තබමින් මෙලෙස පැමිණියේ කොටි ත්‍රස්තවාදීන්ගේ එල්ල වන අමානුෂික වද හිංසා ඉවසා ගත නොහැකිව බව ඔවුන් පවසති. මෙම පිරිස පුල්මුඩෙයි පිහිට නාවික හමුදා අණු ඛණ්ඩය වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර ඔවුන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම්, ආහාර පාන, වෛද්‍ය පහසුකම් ඇතුළු සියලු අවශ්‍යතා සපයා දී ඇත.
මේ වන විට මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ මෙහෙයුම් වල නිරත වී සිටින යුද හමුදාවේ 58 වන සේනාංකයේ භට පිරිස් ඊයේ (ජන 31) දිනයේ දී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් පරාජය කර යුද ජයග්‍රහණ රැසක් අත් කර ගැනීමට සමත් වූ බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.
582 වන බල සේනාව යටතේ ක්‍රියාත්මක වන 11 වන පාබල රෙජිමේන්තුවට අයත් භට පිරිස් ඊයේ උදෑසන පිරමන්තල්කුලම් දකුණු ප්‍රදේශයේ දී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ඉතාමත් ආරක්ෂා සහිතව ඉදි කර තිබූ යුද කඳවුරක් අත්පත් කර ගැනීමට සමත් විය.
ඒ 35 (පරන්තන් - මුලතිව්) මාර්ගය ඔස්සේ නැගෙනහිර දෙසට මෙහෙයුම් දියත් කරමින් සිටියදී 12 වන සැතපුම් කණුවට උතුරින් වූ ප්‍රදේශයේ පිහිටා තිබූ මෙම කඳවුර අත්පත් කර ගැනීමට භට පිරිස් සමත් විය.. එහි රැඳී සිටි ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කළ භට පිරිස් කඳවුරේ බලය සියතට ගැනීමට සමත් විය. මෙහිදී දෙපාර්ශවය අතර දරුණු ගැටුම් ඇවිලී ගිය බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි. ප්‍රහාරයෙන් පසුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමේ දී මිය ගිය ත්‍රස්තවාදීන් 9 දෙනෙකුගේ සිරුරු, ටී 56 ගිනි අවි 2ක්, ඇමෙරිකාවේ නිෂ්පාදිත එල්එම්ජී අවියක් සහ ඇමෙරිකාවේ නිෂ්පාදිත රසායනික අවි 9ක් ඇතුළු යුද උපකරණ රැසක් සොයා ගැනීමට හැකි විය. තවද මෙම කඳවුර තුල වූ වායුසමීකරණය කළ භූගත බංකරයක් ද සොයා ගැනීමට හැකි වී තිබේ.
කොටි ත‍්‍රස්තවාදීන් විසින් බලහත්කාරයෙන් සිරකැර ගෙන සිටින සාමාන්‍ය වැසියන් තුන්සීයකට වැඩි පිරිසක් රෝගාතුරව මරණාසන්න තත්ත්වයකට පත්ව ඇති අතර ඔවුන් බේරාගැනීමට පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයට ගිය අන්තර් ජාතික රතුකුරුස සංවිධානයේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධාන සාමාජිකයන් ත‍්‍රස්තවාදීන් විසින් ඊයේ (27) පලවා හැර ඇති බව වාර්තා වෙයි.
පලා යෑමට උත්සාහ කිරීමේදී ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රහාරවලට ලක්ව තුවාල ලැබූ හා මැලේරියාව, උණ හා වෙනත් රෝගවලින් බරපතළ ලෙස මේ පිරිස පීඩා විඳින බව රතුකුරුස සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධාන සාමාජිකයන් ආරක්‍ෂක අංශවලට වාර්තා කැර ඇත.
සිංහල භාෂාවෙන් මෙම අඩවිය පවත්වාගෙන යාමට, බොහෝ දෙනාගේ ඉල්ලීම මත ගත් තීරණය තවත් කිහිප දෙනෙකුගේ විවෙචනයට භාජණය විය. ඒ අනුව අප විසින් ගත්තා වූ එම තීරණය ගැන අපට නැවතත් සිතීමට සිදුව ඇත. එබැවින් කරැණාකර මෙම කාරණය ගැන ඔබෙ තීරණයද දැන ගන්නට කැමැත්තෙමු. එබැවින් ඔබගේ වටිනා කාලයෙන් විනාඩියක පමණ කාලයක් ගෙන අප වෙත ඔබේ වටිනා අදහස් එවන මෙන් අප කණ්ඩායම ඔබෙන් කාරැණිකව ඉල්ලා සිටිමු





