|| - LankaNewZ - ||

More about Sri Lankan News.


ශ්‍රී ලංකා යුද හමුදා 58වන බල සේනාංකය පුතුක්කුඩිඉරිප්පු දකුණු ප්‍රදේශයේ සිය ආධිපත්‍ය පැතිරවීමට සමත්වී ඇති බව යුද බිමෙන් ලැබෙන නවතම වාර්තා සඳහන් කරයි.

6 වන ගැමුණු බළකාය, 8වන ගැමුණු, 12 වන ගැමුණු, 11 වන පාබල සේනාංකය, 10වන පාබල සේනාංකය, 7වන සිංහ යන සේනාංක වලට අයත් භට පිරිස් මේවන විට මෙම ප්‍රදේශයේ මෙහෙයුම් වල නිරතව සිටී.

භට පිරිස් යුද උපක්‍රමිකව ඒ-35 පරන්තන් මුලතිව් මාර්ගය හරහා ජලමාර්ග හා එල්.ටී.ටී.ඊ. ස්ථාන අත්පත්කරගනිමින්, ත්‍රස්තවාදීන්ට දැඩි ප්‍රහාර එල්ල කරමින් මෙම ස්ථානයට ලගාවී ඇත.

ලැබී ඇති නවතම වාර්තා අනුව ඊයේ දිනයේදී එල්.ටී.ටී.ඊ. මළසිරුරු 14ක් භට පිරිස් සොයාගෙන ඇති අතර, අද දිනයේදී තවත් මළ සිරුරු 09ක් සමග ටී-56 වර්ගයේ ගිනි අවි ද සොය‍ාගෙන ඇත.

මුලතිව් කොටි ත්‍රස්ත ග්‍රහණයේ පවතින ප්‍රදේශවල සිටි සාමාන්‍ය වැසියන් පිරිසක් ඊයේ ( 16 ) දිනයේ මුහුදු මාර්ගයෙන් පැමිණ නාවික හමුදාව වෙත භාරවී ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. සාමාන්‍ය වැසියන් 440ක් මෙසේ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙතට පැමිණ ඇති අතර ඔවුන්ගෙන් 315ක් රෝගීන් වන අතර ඔවුන්ගේ උපස්ථායකයින් 125ක්ද මේ පිරිසට අයත් වේ.

දේශපාලන නායකයන් මරා දමමින් ඉන්දු-ලංකා ගිවිසුම කුණු කූඩයට දැමූ එල්.ටී.ටී.ඊ.ය ලංකාවේ වර්තමාන තත්ත්වයට වගකිව යුතු යැයි ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැති පී. චිදම්බරම් මහතා ප‍්‍රකාශ කැර ඇත.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ තමිල්නාඩුවේ මහජන රැලියක් අමතමිනි.

ප‍්‍රභාකරන් දමිළ ජනතාවගේ එකම නායකයා නොවන බවද ශ‍්‍රී ලංකාවේ ජාතික ප‍්‍රශ්නය විසැඳීම සඳහා මෙවන් ආඥාදායකයෙකුට බලයට ඒමට උදවු කිරීමෙන් විසඳුමක් නොලැබෙන බවද ඔහු පවසා තිබේ.

කිසිදු හමුදාවක් ත‍්‍රස්තවාදී කණ්ඩායමක් සමඟ සාකච්ඡාවට සූදානම් නැති බවද ප‍්‍රභාකරන් වහාම ආයුධ බිම තැබිය යුතු බවද මේ තාක් කිසිදු කාලයක අවිගත් කණ්ඩායමක් විසින් කළ ඉල්ලීම් සාර්ථක වී නැති බවද ඔහු ප‍්‍රකාශ කැර තිබේ.

එල්.ටී.ටී.ඊ.ය අවි බිම තබා සාකච්ඡා කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් ශ‍්‍රී ලංකා රජයට යුද්ධය නැවැත්වීම සඳහා ඉන්දියාව බලපෑම් කරනු ඇතැයිද ප‍්‍රකාශ කැර ඇති චිදම්බරම් මහතා ඉන්දියාවට ජම්මු කාශ්මීරයේ සන්නද්ධ කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමට නොහැකි නම් තවත් ස්වෛරීය රාජ්‍යයකට සන්නද්ධ කණ්ඩායමක් සමඟ සාකච්ඡා කරන ලෙස කීමට සදාචාරාත්මක අයිතියක් නැති බවද සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ ගැටුම් පවතින ප්‍රදේශවලින් පලා යෑමට තැත් කරනු ලබන දසදහස් ගණනක් සිවිල් වැසියන්ව එයින් පිටවීම වළක්වාලමින් ඔවුන්ට එල්. ටී. ටී. ඊ. ය වෙඩි තබන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි ඇතැම් අවස්ථාවලදී සිවිල් වැසියන් ඝාතනය කිරීමට ද එල්. ටී. ටී. ඊ. ය ක්‍රියාකරන බව ශ්‍රී ලංකාවේ පවතින් තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

ඉදිරි කාලසීමාව තුළදී සංවර්ධන ඉලක්ක කරා යන ශ්‍රී ලංකාව අභ්‍යවකාශ තාක්ෂණයට අවතීර්ණ වීමේ කාලය එළඹ ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එක්සත් රාජධානියේ සරේ විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායමක් සමග අරලියගහ මන්දිර‍යේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේය.

Click on picture to view larger and detailed

ධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණයේ ඡන්දය දැමීම අද සවස 4.00ට අවසන් විණි . මේ වන විට ඡන්ද පෙට්ටි සීල් තබා ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙන යෑමට පියවර ගනිමින් තිබේ. අද පෙරවරු 7.00 ට ඡන්දය දැමීම ආරම්භ වු අතර අද සවස 4.00ට අවසන් වන තුරු ම සාමකාමී වාතාවරණයකින් ඡන්දය පැවැත්වුණු බව වාර්තා වේ. මධ්‍යම පළාතේ මහනුවර හ‍ා මාතලේ දිස්ත්‍රික්කවල පස්වරු 3.00 වන විට 50%ට වැඩි ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ 60%ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව නුවර එළිය දිස්ත්‍රික්කයේ දිසාපති සහ තේරීම්භාර නිලධාරී ඩී. පී. ජී. කුමාරසිරි මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පවසා ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශවල ජනතාවට වඩා වතු ආශ්‍රිත ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමේ වැඩි උනන්දුවක් දක්වා ඇත. මෙම දිස්ත්‍රික්කයේ යම් ස්ථානවල ජාතික හැඳුනුම්පත නොමැති නිසා විවිධ බාධාවන් ඇති වුවත් සාමකාමීව ඡන්ද කටයුතු සිදු වි ය. වයඹ පළාතේ කරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කයේද 60%කට වැඩි ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබෙන බවොර්තා වේ.

වයඔ හා මධ්‍යම පළාත් සභා මැතිවරණය මේ වන විට මධ්‍යස්ථාන 2579 කදී පැවැත්වෙනවා. මේ වන තෙක් සුලු සිද්ධීන් කිහිපයක් හැරැණු විට බරපතල ප්‍රචන්ඩක්‍රියා වාර්තා වී නැත. පළාත් දෙකෙන් ම 3408182 දෙනෙක් පමණ ඡන්දය භාවිතා කිරීමට සුදුසු කම් ලබා ඇති අතර මන්ත්‍රී ධූර 106 ක් සදහා පෙනී සිටින අපේක්ෂකයින් ගනන 2247 කි. මැතිවරණ රාජකාරි වෙනුවෙන් රජයේ නිලධාරීන් 26000ක් පමණ යොදවා ඇත. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා පොලිසිය සියලු ආරක්ෂාව සැලසීමට පොලිස් මැතිවරණ කොට්ඨාසය විධිවිධාන යොදා ඇත.

මුලතිව් - පරන්තන් (ඒ 35) මාර්ගයට උතුරු දෙසින් වූ ප්‍රදේශයේ මෙහෙයුම් දියත් කරමින් සිටින යුද හමුදාවේ 58 වන සේනාංකයේ භට පිරිස් සහ කොටි ත්‍රස්තවාදීන් අතර ඊයේ (12) දිනයේ දී අවස්ථා ගණනාවකදී ගැටුම් හට ගෙන තිබේ.

ආරක්ෂක වාර්තා සඳහන් කරන අන්දමට කුප්පිලාන්කුලම් ප්‍රදේශයේ දී දෙපාර්ශවය අතර දරුණු ගැටුම් හට ගෙන ඇති අතර එම ගැටුම් වලදී ත්‍රස්තවාදීන්ට බරපතල හානි සිදු වී තිබේ. ගැටුම් වලින් අනතුරුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී ත්‍රස්තවාදීන්ගේ මළ සිරුරු 02ක්, ටී 56 ගිනි අවි 2ක්, පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් සහ යතුරු පැදියක් සොයා ගැනීමට හැකි වී ඇත.

මේ අතර කුප්පිලාන්කුලම ප්‍රදේශයේ ස්ථාන ගත වී සිටින යුද හමුදා ස්නයිපර් ප්‍රහාරකයින් විසින් අවස්ථා දෙකකදී කොටි ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කර ත්‍රස්තවාදීන් දෙදෙනෙකු මරා දමා තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ගූවන් හමුදාවේ සහාය ඇතිව 2009 පෙබරවාරි මස 11 දින උදෑසන ත්‍රස්ත ග්‍රහණයෙන් මිදී ආරක්ෂක අංශ රැකවරණය පතා පැමිණි සාමාන්‍ය සිවිල් ඡනතාව වෙත බෙදා හැරීමට කෙටි ආහාර ඇතුලත් පැකට් 20000 ක් පිටත් කර හරිනු ලැබීය.

ගූවන් හමුදා වාර්තා වල දැක්වෙන පරිදි රත්මලාන ගූවන් තොටුපොලින් ගුවන් ගත කරනු ලැබු මෙම ආහාර තොගය සිවිල් ජනතාව අතර බෙදා හැරිම සදහා 58 වන සේනාංකය වෙත බාර දී ඇත.

මෙරට දමිල ඡනතාවගේ එකම නියෝජිතයායැයි කියා ගන්නා එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත ග්‍රහණයෙන් මිදී ආරක්ෂක අංශ රැකවරණය පතා පලාඑන බාල, තරුණ, මහළු අවිහිංසක සිවිල් වැසියන් ට වෙඩි තබා මරා දමද්දී ආරක්ෂක අංශ මේ වන විට එම අසරණ ජනතාව ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් දියත් කරමින් සිටී.

විශ්‍රාමික හමුදා නිළධාරී මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු පිරිසක් පසුගිය වසරේදී අනුරාධපුර ප්‍රදේශයේදී ඝාතනය කිරීම සම්බන්ධව ප්‍රධාන සැකකරුවෙක් ශ්‍රී ලංතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් ආරංචි මාර්ග වල දැක්වෙන පරිදි නෙසියකුලම් - මාන්කුලම් ප්‍රදේශයේ පදිංචි අබුසාලි ජබීර් ලෙස හඳුනා ගෙන ඇති මෙම සැකකකරු විසින් මන්ද බුද්ධික මරා‍ගෙන මැරෙන බෝම්බකරු සිය භාරයේ සෙට්ටිකුලම සිට මැදවච්චිය ප්‍රදේශයට රැගෙන විත් වෙනත් අයෙක් වෙත ඔහුව භාර දී තිබිණි. ඊයේ (පෙබරවාරි 10) දින අළුයම 5.15 ට පමණ සියඹලාන්ඩුව, නෙරියකුලම පොලිස් මාර්ග ඝාධකයේදී මෙම සැකකරු අත්අඩංගුවට පත්වූ බව වැ‍ඩි දුරටත් එම ආරංචි සඳහන් කරයි.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක, මහේල ජයවර්ධන අද ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන්නා. පසුගිය ඉන්දියානු තරගාවලිය 4-1 ක් ලෙස පරාජය වීම, ඔහු මෙම තීරණය ගැනීමට ඉක්මන් වීමේ හේතුව ලෙස දක්වන අතරම, දැන් නායකත්වය අලුත් කිරීමට කාලය එලඹ ඇති බවද වැඩි දුර අදහස් දක්වමින් ඔහු පැවසුවේය. මහේල , 2007 ලෝක කුසලාණ තරගාවලියේ අනුශූරතාවය ලබා ගන්නටත්, තවත් ජයග්‍රහණ රැසකට නායකත්වය ලබා දුනි. පසුගිය වසරේ හොදම ටෙස්ට් ක්‍රිකට් නායකත්ව සම්මානයද දිනාගත් මහේල සිය කණ්ඩායම, ටෙස්ට් තරග 26 ක නායකත්වය හෙඹවූ අතර ඉන් 15 ක්ම ජයග්‍රහණය කරා ගෙන ගිය අතර එක්දින තරග 94න් 54 ක් ජයගන්නට සමත්ව ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමට මීලගට ඇති, පාකිස්තානු ටෙස්ට් තරග 2 න් මහේල සිය නායකත්වයෙන් සමු ගනු ඇත. වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු සිය ක්‍රීඩා ජීවිතය පිතිකරැ අංශයෙන් වඩාත් ශක්තිමත් කරගැනීමට බලාපොරොත්තු වන බවත් කියා සිටියේය. කෙසේ වෙතත් ‍මහේල ගේ තීරණය පිළිබද සතුටු වන අය වගේම ඒ ගැන කණගාටු වන අය අති විශාලය.

ඉන්දියාවේ ශ්‍රී ලාංකීය සංචාරයේ තවත් තරගයක් වන පන්දු වාර 20 තරගය මේ වෙනවිට ආරම්භ වී තිබේ. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ශාන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කල අතර, මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දැවී නොයා ලකුණු 44 ක් ලබා සිටිනවා. සනත් ජයසූරිය 4 පහරවල් 3 ක් සහ 6 පහර වල් 2 ක් සමගින් ලකුණු 30 ක් සහ ඩිල්ශාන් ලකුණු 07 ක් ලබාගෙන ක්‍රීඩා කරයි.

මුලතිව් පුතුකුඩිඉරිප්පු බටහිර ප්‍රදේශයේ මෙහෙයුම් වල නිරත වී සිටින යුද හමුදාවේ කාර්ය සාධක බළකා 2 ට අයත් භට පිරිස් විසින් එල්.ටී.ටි.ඊ. ග්‍රහණයෙන් මිදී පලා එමින් සිටි තවත් සිවිල් වැසියන් 970 දෙනෙකු බේරා ගැනීමට අද (පෙබ 10) උදෑසන සමත් විය.

මෙම පිරිස අද උදෑසන 6 ත් 7 ත් අතර කාලයේ දී කොටි ත්‍රස්තවාදීන්ගේ වෙඩි ප්‍රහාරයන් මධ්‍යයේ ආරක්ෂක අංශ වෙත ලඟා වූ බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි. කොටින්ගේ වෙඩි ප්‍රහාර වලට ලක්වීමෙන් සිවිල් වැසියන් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් 10 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද වාර්තා සඳහන් කරයි. තුවාල ලැබූවන්ගෙන් වැඩි පිරිසක් කාන්තාවන් හා කුඩා ළමුන් වේ.

සුළු තුවාල ලැබූවන් සඳහා යුද හමුදාව එම ප්‍රදේශයේ දීම ප්‍රතිකාර ලබා දීමට කටුයුතු කර ඇති අතර බරපතල තත්ත්වයේ පසුවන්නන් ප්‍රථමාධාර ලබා දීමෙන් අනතුරුව ගුවන් මගින් අනුරාධපුර සහ වව්නියාව රෝහල් වෙත පිටත් කර යැවීමට කටයුතු කොට තිබේ.

ධර්මපුරම් හි පිහිටි සාමාන්‍ය ජනතාව රැඳී සිටින සුභසාධන කඳවුරේ අද (පෙබ. 09) 11.40 ට පමණ සිදුවූ එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් 17 ‍ෙදනෙකු මියගොස් තවත් 45 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා සඳහන් කරයි. තුවාල කරුවන් ගිලන්රථ මගින් කිලිනොච්චි රෝහල වෙත රැගෙන ගොස් ඇත.

කොටි ග්‍රහණයෙන් මිඳී පලා එන සිවිල් වැසියන් දහස් ගණනක් අතරේ පැමිණි මෙම මරාගෙන මැරෙන බෝම්බකාරිය, යුද හමුදා සෙබළුන් සාමාන්‍ය වැසියන් පරීක්ෂාකරන අතරතුරේදී මෙම බෝම්බය පුපුරවාගෙන ඇති අතර, මෙම පිපිරීමෙන් මියගිය හා තුවාල ලැබූ සංඛ්‍යාව මෙයට වඩා වැඩි විය හැකි බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි. මෙම අවස්ථාවේදී කාන්තාවන් හා කුඩා ළමයින් විශාල පිරිසක් මෙම ස්ථානයේ රැඳී සිට ඇත.

එල්.ටී.ටී.ඊ. ග්‍රහණයෙන් මිඳී ආරක්ෂක රැකවරණ පතා පැමිණෙන සාමාන්‍ය වැසියන්ගේ පැමිණීම වැළැක්වීමේ අරමුණෙන් මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල කර ඇති බව යුද විශ්ලේෂකයිගේ මතයයි.

ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින තරග 5න් දැනට තරග 4ක් අවසන් ව තිබෙන අතර, එම තරග 4ම ජයගන්නට ඉන්දියානුවන් සමත් විය. අද දින එම තරගාවලියේ අවසාන (5 වෙනි) තරගය පැවැත්වෙන අතර, එහි කාසියේ වාසිය දිනාගත් මහේල ජයවර්ධන ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කල අතරම, කණ්ඩායමේ ඉතා විශිෂ්ට පිතිකරනයක් මත කඩුලු 8කට ලකුණු 320 ක් ලබාගැනීමට හැකිවින. ලකුණු 321 ක ඉලක්කයක් කරා පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායම මේ වන විට පන්දු වාර 21 ක් තුල , කඩුල්‍ර 5 කට ලකුණු 121 ක් ලබා සිටී. ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් පරාජයන් ගැන බලන කල තරගාවලියේ අන්ත පරාජයෙන් වැලකී සිටීමට මෙම තරගය වත් ජයගැනීමට අවශ්‍යතාවය ඇත.

එල්.ටී.ටී.ඊ.යේ ත්‍රස්තවාදී නායකයෙකු සැඟවී සිටි ස්ථානයක් සහ තවත් කොටි ඉලක්ක හතකට ඊයේ ගුවන් ප්‍රහාර එල්ල කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ජනක නානායක්කාර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් පවසා ඇත.

මුලතිව්, පුතුකුඩිඉරුප්පු මංසන්දියේ සිට කිලෝමීටරයක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ කොටි නායකයා සැඟව සිටි ස්ථානයට ඊයේ (6) පස්වරුවේ දී ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

දහවල් 1.45 ට සහ සවස 4.45 ට ප්‍රහාරඑල්ල කළ අතර ප්‍රථම ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ සිටම ත්‍රස්තවාදීන්ගේ පණිවිඩ හුවමාරු සියල්ල නතර වී තිබූ බව වාර්තාවේ. ඊයේ සවස 6.00 වන විට නන්තිකන්ඩාල් කලපුවේ සිට වයඹ දෙසින් සහ පුදුකුඩුඉරිප්පු මංසන්දියේ සිට කිමී1.5ක් ඊසාන දෙසින් පිහිටි කොටි ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර 6ක් ල්ල කර තිබේ.

මේ ප්‍රහාර සඳහා මිග්, කෆීර්, එෆ් 7 සහ එම්.අයි. 24 ප්‍රහාරක යානා යොදාගත් බව නානායක්කාර මහතා පැවසීය.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ආරම්භ කරන නවතම ගුවන්විදුලි සේවය වන ‘වයඹ හඬ’ එෆ්.එම්.විකාශය අද (07) ආරම්භ වේ. ‘මුහුදු රැල්ලේ සිට කඳු රැල්ල’ දක්වා නම් තේමාව යටතේ මෙය ක්‍රියාත්මක කෙරේ.

මෙම ගුවන්විදුලි සේවයේ මූලික අරමුණු අතර වයඹ පළාතේ ජාතික සංවර්ධනයට මෙහෙවරක් ඉටු කිරීම, වයඹ සංස්කෘතික උරුමය හා කෘෂිකර්මය නඟා සිටුවීම, හරවත් ගුවන්විදුලි ශ්‍රාවක පිරිසක් බිහි කිරීම යනාදිය වේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගිවන ඇතුගල්පුර එක්සත් ජනතා නිදහස් සන්ධාන ජන රැළිය නිල වශයෙන් ප්‍රචාරය කරමින් මෙහි විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිත ය.

එෆ්.එම්. 99.6 ඔස්සේ අලුයම 5.00සිට රාත්‍රී 10.00 දක්වා මෙම නාලිකාව ශ්‍රවණය කිරීමේ හැකියාව ඇත.

මුහුදු රැල්ලේ සිට කඳුරැල්ල දක්වා’ නම් තේමාව යටතේ ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාව ආරම්භ කරන නවතම ගුවන්විදුලි සේවය වන ‘වයඹ හඬ’ එෆ්.එම්. විකාශය හෙට (07) සිට ආරම්භ වේ.

විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් කැඳවීම හෙට (07) සිට ආරම්භ වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. එම කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද අයදුම්පත් සහිත අත්පොත හෙට වෙළඳපොළ වෙත නිකුත් කෙරේ. අයදුම්පත් කැඳවීම ලබන 28වනදායින් අවසන් වේ.

Subscribe to: Posts (Atom)