|| - LankaNewZ - ||

More about Sri Lankan News.


ලබන මස 10 වනදා පැවැත්වීමට නියමිත දකුණු පළාත් සභා මැතිවරණයේ ඡන්ද කාඩ්පත් බෙදාහැරීම හෙට (22) ආරම්භ කෙරේ. ඒ අනුව මෙම ඡන්ද කාඩ්පත් බෙදාහැරීම පිණිස තැපැල් දෙපාර්තමේන්තුට භාර දීම හෙට සිදුවන බව අතිරේක මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව්. පී. සුමනසිරි මහතා පැවසීය. ගාල්ල දිස්ත්‍රික්කය සඳහා පළාත් සභා මන්ත්‍රීන්වරුන් 23ක්, මාතරට 18ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් 12ක් වශයෙන් මෙම මැතිවරණයේදී තෝරා පත්කර ගැනේ.

2007/2008 මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (24) අරලියගහ මන්දිරයේදී පැවැත්වේ. මෙවර කුසලතා ශිෂ්‍යත්ව හිමි 950 දෙනෙකු සඳහා අද දින ශිෂ්‍යත්ව පිරිනැමෙන අතර මෙම අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 11,000කට ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා අනුමැතිය ලැබී ඇත. මෙම වැඩසටහන යටතේ කුසලතා ශිෂ්‍යත්වයක් සඳහා මාසිකව රුපියල් 2550ක් එක් අයෙකුට ලබාදෙන අතර සාමාන්‍ය ශිෂ්‍යත්වය සඳහා රුපියල් 2500ක් පිරිනැමේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විශාලතම ගලවාගැනීමේ මෙහෙයුම සදහා නිරීක්ෂණයෙන් හා ගුවන් ප්‍රවාහනය තුලින් දායක වූ බව ගුවන් හමුදා ප්‍රකාෂක වින්ග් කමාණ්ඩර් ජනක නානායක්කාර මහතා පැවසීය.

ජාතික ආරක්ෂාව සඳහා වු මාධ්‍ය මධ්‍යස්ථානයේදී මාධ්‍යන් අමතමින් නානායක්කාර මහතා තවදුරටත් පැවසූවේ ගුවන් හමුදාව මෙම මෙහෙයුමේදි යුධ මුක්ත කළාපයේ සිට අසනීපවූවන් හා තුවාල ලැබූවන් 238 දෙනෙකු අනුරාධපුර රෝහල කරා ප්‍රවාහනය කල බවය. එසේම යුද මුක්ත කලාපය තුල සිටි එල්.ටි.ටී.ඊ. ක්‍රියාකාරින්ගේ හා සිවිල් වැසියන්ගේ සමිප ගුවන් ජායාරූප ලබාදිම තුලින් මේ සඳහා විශාල දායකත්වයක් ලබාදි තිබේ.

එසේම දිනපතාම කිලිනොච්චියේ සිට අනුරාධපුරය දක්වා වියලි ආහාර පාර්සල් 20,000 ක් ප්‍රවාහනය කරන ලදි. ඊයේ දිනය තුලදි එම් අයි-17 හෙලිකොප්ටර් යානාවක් මගින් අතිගරු ජනාධිපතිතුමාගේ උපදේශකත්වයෙන් හා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොහාන් ගුණතිලක මහතාගේ මාර්ගෝපදේශකත්වයෙන් පිසින ලද ආහාර පාර්සල් 6000 ක් කොළඹ සිට කිලිනොච්චිය බලා ප්‍රවාහනය කර ඇත.

නාවික හමුදා ප්‍රකාෂක කමාණ්ඩර් මහේෂ් කරුණාරත්න මහතා ප්‍රකාෂ කර සිටියේ නාවික හමුදාව මගින් බේරී පලා ආ සිවිල් වැසියන් 6000 ක් පමණ දෙනකු ගලවා ගන්නා ලද බවය. මෙසේ පැමිණි අයවලුන්ට උවමනා කල අත්‍යවශ්‍ය පහසුකම් සැපයිම සදහා පේදුරු තුඩුවේ හා පුල්මුඩේ පිහිටි නාවික හමුදා කඳවුරුවල විශේෂ වැඩ පිළිවෙලක් දියත් කල බවද ඔහු පැවසිය."

එල්.ටී.ටී.ඊ. යේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් මුහුද ඔස්සේ එන සිවිල් වැසියන් පසුපසින් ඔවුන්ට තර්ජනය කරමින් පැමිනෙන බැවින් නාවික හමුදා භටයන්ට දුෂ්කරතා හා අපහසුතා රැසකට මුහුන දිමට සිදුවන බව ලැවසු එම මහතා එවැනි බෝම්බ කරුවන් හදුනා ගැනීම සඳහා විශේෂ නාවික යාත්‍රා යොදවා ඇති බවද ප්‍රකාෂ කලේය. එසේම තව දුරටත් ඔහු ප්‍රකාෂ කර සිටියේ සිවිල් වැසියන් මුහුදු මාර්ග ඔස්සේ පැමිනෙන විටදි ඔවුන්ට වැඩිපුර අනතුරුදායක තත්ත්වයනට මුහුන දීමට සිදුවන බවය. එවැනි අවස්ථාවලදි ඔවුන්ට වෙරළට ළගාවිම සඳහා අවම වශයෙන් පැය 7 ක් පමන ගතවන බව කරුණාරත්න මහතා පැවසිය.

එමනිසා, මෙම බේරාගැනිමේ මෙහෙයුමේදි සිවිල් වැසියන්ට උදව් කිරිම සදහා නාවික හමුදාව විසින් විශේෂ වැඩ පිළිවෙලක් සකස් කල බව ඔහු වැඩි දුරටත් පැවසිය. ඒ අනුව විශේෂ වෛද්‍ය කණ්ඩායම් ගලවා ගැනිමේ කණ්ඩායම් මෙම ගලවා ගැනිමේ මෙහෙයුම සදහා ඊෂාන දිග මුහුදේ ස්ථානගතකර ඇතිබව ද ඔහු පැවසිය.

සේරුනුවර ප්‍රදේශයේ පිහිටි හුදකලා ගම්මානයක් වූ දෙහිවත්ත ගමට ඊයේ (මාර්තු 24) දින රාත්‍රීයේ 11 ට පමණ කඩාවැදුනු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් පිරිසක් එල්ල කල අමානුෂික ප්‍රහාරයෙන් ගොවීන් 5 දෙනෙකු මියගොස් තවත් ගොවීන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

තුවාල ලැබූ ගොවීන් දෙදෙනා කන්තලේ රෝහලට ඇතුලත් කර ඇත. ටී-56 ආයුද වලින් සන්නද්ධ වූ ත්‍රස්තවාදී කණ්ඩායමක් මෙම ගමට කඩා වැදී තම වගාවන් රැකබලා ගනිමින් සිටි ගොවී න් හත් දෙනෙකුට වෙඩි තබා ඇති බව සේරුනුවර පොලීසිය පවසයි. තුවාල ලැබූ පුද්ගලයින් කල ප්‍රකාශ වලට අනුව ත්‍රස්තවාදීන් පළමුව ඔවුන්ගේ දෑත් බැඳ එම ස්ථානයෙන් කි.මී. 02ක් පමණ දුරින් වූ හුදකලා ස්ථානයකට මෙම පිරිස රැගෙන ගොස් දණ ගස්වා වෙඩි තබා තිබේ.

ඉරනපාලයි උතුරු දෙසින් පිහිටි යුද හමුදා ඉදිරි ආරක්ෂක වළල්ල බීඳීමට ආ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට 58 වන සේනාංකයේ භට පිරිස් විසින් ඊයේ (මාර්තු 25) දැඩි ප්‍රහාර එල්ල කර පලවා හැර ඇත. මෙහිදී ත්‍රස්තවාදීන් විශාල පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලද බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි.

7වන සිංහ රෙජිමේන්තුව, 8වන ගජබා රෙජිමේන්තුව සහ 20 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් හඳුනාගත් එල්.ටී.ටී.ඊ. ඉලක්කයන් වෙත සුළු අවි භාවිතා කරමින් ප්‍රබල හා ක්ෂණික ප්‍රහාරයක් එල්ල කර ඇත. මෙම ප්‍රහාරයත් සමඟ කිසිවක් කරකියාගත නොහැකි වූ ත්‍රස්තවාදීන් සිය මිය ගිය සගයන්ගේ මළසිරුරු ද අත්හැර දමමින් පළාගොස් තිබේ.

ත්‍රස්තවාදින් මානිස් පලිහක් ලෙස බලෙන් රදවා‍‍ෙගන සිටි සිවිල් වැසියන් 45 දෙනෙකු ඊයේ මාර්තු මස 8 දින ඔවුන්ගේ ග්‍රහනයෙන් මිදි ආරක්ෂක හමුදාවේ පිළිසරන පතා පැමිනි බව යුධබිම ආරංචි මාර්ග පවසයි. නැගෙනහිර පුදුකුඩුඉරිප්පු මෙහෙයුමිවල යේදිසිටින 581 වන සේනාංක‍යේ 8 වන ශ්‍රි ලංකා පබල හමුදා භට පිරිස් විසින් මෙම පිරිස බෙරාගන්නා ලදි මෙම පිරිස් බෙරි පලා එමෙදි එල්.ට්.ටි.ඊ. ත්‍රස්තවාදින් විසින් වෙඩි තබා ඇත. ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ‍මෙසේ බෙරි පලා එන විට ත්‍රස්ත වෙඩි ප්‍රහාරයට ලක්ව 17 හැවිරිදි ගැහැණු ළමයකුද තුවාල ලැබු අතර යුධ හමුදා වෛද්‍ය බලකායේ මුලික ප්‍රතිකාරවලින් අනතුරව ඇයව වැඩිපුර ප්‍රතිකාර සදහා රොහල් ගතකර ඇත.

මෙය අපේ ත‍්‍රිවිධ හමුදාව ඉතිහාසයේ කිසි ම දවසක නො වූ විරූ කීර්තියක් අත්පත්කර ගනිමින් ඉන්නා යුගයක් බවත් ලෝකයේ ඉතා ම බලවත් හමුදාවන්ට මෙල්ල කර ගන්න බැරිවුණ ත‍්‍රස්තවාදය අද අපේ ආරක්ෂක හමුදා ඉදිරියේ දන නමන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙසේ ප‍්‍රකාශ කර සිටියේ අද (07) ත්‍රීකුණාමලය චීන වරාය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කඳවුරේදී පැවැති ගුවන් හමුදා නිලධාරීන්ගේ වර්ණ ප‍්‍රදාන කිරීමේ උත්සව සභාව අමතමිනි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එහිදී මෙසේ ද පැවසුවේ ය.

එසේ දන නමන්නේ අංක තුනට හතරට නම කියවෙන ත‍්‍රස්තවාදීන් නො වෙ යි. ලෝකයේ ඉතා ම දරුණු ම ප‍්‍රධාන ම පෙලේ ත‍්‍රස්තවාදී සංවිධානය යි. ඒ නිසා ත‍්‍රස්තවාදීන් සමඟ සටන් කරන ලෝකයේ සියලු ම හමුදාවන්ට ධෛර්යයත් ශක්තියත් අද සපයන්නේ ශ‍්‍රී ලංකාවේ ත‍්‍රිවිධ හමුදාව යි.

එබඳු යුගයක අද වර්ණ ලබන ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ මේ ඒකකයන් මාතෘ භූමිය වෙනුවෙන් කළ කැප කිරීම අති විශිෂ්ට බව මම කියන්න ඕනෑ.

ගොඩපිටිය ජුම්මා පල්ලියට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 10 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. මිලාද් උන් නබි දිනයේ ජාතික උළෙලට මේ ප්‍රහාරය එල්ල කර ඇත්තේ අද පෙරවරු 11.00ට පමණ එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බව ද තුවාලකරුවන් 20 දෙනෙකු පමණ සිටින බව ද ලැබෙන නවතම තොරතුරුවලින් පැවසේ. ජාතික මිලාද් උන් නබි උළෙල සඳහා මාතර සිට ගමන් කළ රිය පෙරහැර ගොඩපිටිය මුස්ලිම් දේවස්ථානයට ළඟා වූ අවස්ථාවේ දී පාපැදියකින් පැමිණි කොටි ත්‍රස්තවාදියා මරාගෙන මැරෙන පිපිරීම සිදු කොට‍ තිබේ. අමාත්‍යවරුන් වන පණ්ඩු බණ්ඩාරනායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඒ. එච්. එම්. ෆවුසි, මහින්ද විජේසේකර සහ චන්ද්‍රසිරි ගජදීර යන මහත්වරුන් ද මේ පෙරහැරින් දේවස්ථානයට ඇතුළු වීමට පැමිණ තිබේ. තුවාලකරුවන් අතර මේ උළෙලට සහභාගී වූ අමාත්‍ය මහින්ද විජේසේකර මහතා ද සිටින බවත් මාතර රෝහල් ආරංචි මාර්ග පවසයි.

පුතුකුඩිඉරිප්පු නගරය බේරාගැනීමෙන් අනතුරුව 58 වන සේනාංකයේ භට පිරිස් සහ කාර්ය සේනාංක 8 හි භට පිරිස් කොටි ත්‍රස්තවාදීන්ට ඉතිරිව ඇති නැගෙනහිර වෙරළ තීරය කරා ඉදිරියට ඇදෙමින් සිටින බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.

පුතුකුඩිඉරිප්පු යුද හමුදාව අතට පත්වීමත් සමඟ කොටි ත්‍රස්තයන්ට ඉතිරිව තිබූ එකම බළකොටුවත් පෙරේදා (මාර්තු 03) අහිමිවිය.

ඊයේ (මාර්තු 04) සවස් වන විට 58 වන සේනාංකයේ භට පිරිස් පුතුකුඩිඉරිප්පු හංදියේ සිට නැගෙනහිර දෙසට තම සීමාවන් පුළුල් කරමින් සිටින බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි. ඊයේ උදෑසන කාලයේ සිට දිනය පුරා ඇතිවූ දරුණු ගැටුම් වලින් පසුව ත්‍රස්තවාදී මළසිරුරු 04ක් සොයාගැනීමට භට පිරිස් වලට හැකිවී ඇති අතර, මීට අමතරව ආර්පීජී අවියක්, ටී-56 වර්ගයේ ගිනි අවි 04ක් ද සොයා ගැනීමට සමත්වී තිබේ.

මේ අතර කාර්ය සේනාංක 8 හි භට පිරිස් තම සීමාවන් තව දුරටත් ඊශාන දිශාවට පුළුල් කරමින් ත්‍රස්තවාදීන්ට දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටී. මෙහිදී ත්‍රස්තවාදීන්ට දැඩි අලාභහානි සිදුවී ඇති බව භූමියේ සිටින භට පිරිස් සඳහන් කරයි.

මේ වන එල්.ටී.ටී.ඊ. ය වර්ග කිලෝමීටර 55 ක තරම් වූ චතුරස්‍රාකාර ප්‍රදේශයකට සීමාවී ඇත.

මීට ස්වල්ප වේලාවකට පෙර පකිස්තානයේ ලාහෝර්හිදී සිදු වූ වෙඩි තැබීමකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. තිලාන් සමරවීර, තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස් හා කුමාර සංගක්කාර යන ක්‍රීඩයන් මේ අතර වේ. ඔවුන් මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනයට සහභාගි වීම සඳහා ගඩාෆි ක්‍රීඩාංගනය වෙත බස් රථයෙන් පැමිණ ක්‍රීඩා පිටියට ඇතුළු වෙමින් සිටි අවස්ථාවේදීය. මෙහිදී පොලිස් නිලධාරීන් 05 දෙනෙකු ද මිය ගොස් ඇත. මෙම වෙඩි තැබීමට හේතුව හෝ කවුරුන් විසින් මෙය සිදු කරන ලද්දේ ද යන්න පිළිබඳව මේ වන විට අනාවරණය වී නොමැත. පකිස්තානයේ ආරක්ෂක අංශ මේ වන විට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරයි. මෙම සිද්ධිය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගය ද අත්හිටුවා ඇත.

සටන් විරාමයක් සදහා ශ්‍රී ලංකා රජයට ඉල්ලීමක් කිරීම අවශ්‍ය නැති බව ඵක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නිවේදනය කර සිටී.

ශ්‍රී ලං‍කා‍වේ වත්මන් තත්වය සුඩානයට සමාන කළ නොහැකි බව ඵක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන ජපාන තානාපති යුකි‍යෝ සකාසු මහතා ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ අර්බුදය නිමා කිරීම සදහා කොටි සංවිධානය ආයුධ බිම තැබිය යුතු බවත් ආරක්ෂක මණ්ඩල සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රුසියානු තානාපති විටලි අයි ඩුකින් මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනක් ගෙන යන බවත්, ඵය ඵ් රටේ අභ්‍යන්තර ප්‍රශ්ණයක් පමණක් වන බවත්ය. ආරක්ෂක මණ්ඩලයේ සාමාජික වියටිනාම් තානාපති ලේ යොන්ග් වින් මහතා ප්‍රකාශ කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වු ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදීන් කණ්ඩායමකට ඵරෙහිව මෙහෙයුමක් සිදුකරන බවයි.

මෙම කන්නයේ නැඟෙනහිර වී අස්වැන්න මෙට්ට්‍රික් ටොන් 1,360,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳ, අලෙවි සංවර්ධන සමූපකාර හා පාරිභෝගික සේවා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සම්බා සහල් කිලෝවක් රුපියල් 70කට වඩා වැඩි මිලට විකුණන සියලුම වෙළෙඳ සල් වැටලීම හෙට (26) සිට සිදු කරන බවයි. ඒ බව ජීවන වියදම් හා ආහාර සුරක්ෂිත කමිටුවේදී තීරණය කළ බව අමාත්‍යවරයා පැවසීය. දිවයිනේ සියලුම ප්‍ර‍ෙද්ශ වෙත මේ පිළිබඳ දැනුවත් කිරීම් සිදු කර තිබෙන අතර වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන යාම සිදු කෙරේ.

මේ වන විට වර්ග කිලෝමීටර් 73ක භූමි ප්‍රමාණයකට එල්. ටී. ටී. ඊ. ය සීමා කර ඇති බව රජයේ ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. පසුගිය කාලය තුළ ආරක්ෂක අංශවල එල්. ටී. ටී. ඊ. ය භාවිත කළ විශාල අවිආයුධ ප්‍රමාණයක් සොයා ගත් බවත් එවන් අවස්ථාවක පරාජයෙන් වියරු වැටී සිටින ත්‍රස්තවාදීන් සතුව ගුවන් යානා දෙකක් පැවතීම රටේ ආරක්ෂක තත්ත්වයට විශාල තර්ජනයක්ව පැවති බැවින් ආරක්ෂක අංශ මෙන්ම රජයත් මේ පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් පසු වූ බව අමාත්‍යවරයා සඳහන් කරයි. - LankaPuvath

අමිපාර දිස්ත්‍රික්ක‍යේ ඉගිනියාගල ප්‍රදේශයේදී සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක‍ෂයට පත්වී ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කරයි. ‍මෙම මිය ගිය පිරිස අතර කුඩා පිරිමි දරුවන් දෙදෙනකු හා වැඩිහිටි පිරිමි 06 දෙනෙකු වැඩිහිටි කාන්තාවන් 05 ‍දෙ‍නෙකු ගැහැණු ළමුන් එක් අයෙක් සිටින බව වාර්ථා වී ඇත. මෙම ප්‍රහාරයෙන් වැඩිහිටි කාන්තාවක් හා ගැහැණු ළමුන් දෙදෙ‍‍‍නෙකු වැඩිහිටි පිරිමි 03 දෙ‍නෙකු හා පිරිමි ළමුන් තිදෙ‍නෙකු ද තුවාල ලබා ඇති අතරමේ අය අම්පාර රෝහලට ඇතුලත් කර ඇත. පොලිසිය, විශේෂ කාර්ය බළකාය, යුධ හමුදාව එක්ව ‍මෙම ප්‍රදේශයේ තව දුරටත් සෝදිසි මෙහෙයුමි ක්‍රියාත්මක කරන අතර ආරක්ෂාව තර කර තිබේ.

ඊයේ (පෙබරවාරි 21) දින විශ්වමඩු ප්‍රදේශයේ සෝදීසි මෙහෙයුමක නිරත 57 සේනාංකයට අයත් භට පිරිස් ත්‍රස්තවාදීන්ට අයත් අවි ආයුධ රැසක් සොයා ගනු ලැබිණි. පුද්ගලනාශක බෝම්බ 50 ක්, ක්ලේමෝ බෝම්බ 7 ක් හා අත්බෝම්බ 213 ක් මේ අතර විය.

නරක් වූ ත්‍රස්ත කාන්තා සිරුරක්, ටී-56 ගිනි අවි 3 ක්, අයිකොම් සන්නිවේදන උපකරණයක් සමග එම්පීඑම්ජී වර්ගයේ පතුරම් 1000 ක් ද මෙහිදී ආරක්ෂක අංශ විසින් වැඩිදුරටත් අනාවරණය කර ගනු ලැබිණි.

ප්‍රදේශයේ සිදුකළ තවත් සෝදීසී මෙහෙයුමකින් 57 සේනාංක භට පිරිස් විසින් ත්‍රස්තවාදීන් විසින් පරිහරණය කරන ලද විදුලිජණක යන්ත්‍රයක් අත්පත් කර ගෙන ඇත.

කොළඹ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කිරීම සදහා පැමිණි එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ ගුවන්යානා දෙක ම විනාශ කිරීමට ආරක්ෂක අංශ සමත්වූ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ඊයේ (20) පස්වරු 9.45ට පමණ කොටි ගුවන් යානා ප්‍රහාරයට පැමිණ ඇත. එක් ගුවන් යානයක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ලට ප්‍රහාරයක් එල්ල කර පලා යන අවස්ථාවේ වහා ක්‍රියාත්මක වු ගුවන් හමුදාව ප්‍රහාර දියත් කරමින් එම යානය විනාශ කර බිම හෙළීමට සමත් වි ඇත. හමුදා ප්‍රහාර හමුවේ පලා යාමට උත්සාහ ගත් අනෙක් ත්‍රස්තවාදී ගුවන් යානයද බිම හෙළීමට කටුනායක ගුවන් හමුදා භට පිරිස් සමත් වී තිබේන අතර යානය පැදවූ ත්‍රස්තවාදියාගේ මළ සිරුර කටුනායක ගුවන් හමුදා කඳවුර ආසන්නයේ තිබී සොයාගෙන තිබේ. මෙම ත්‍රස්තවාදී ගුවන් ප්‍රහාරයෙන් 52 දෙනෙකු පමණ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව ජාතික රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය. ‍ෙම් අතර කටුනායක ප්‍රහාරයෙන් හය දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ. පසුව ඉන් එක් අයෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර ඇත.

ශ්‍රී ලංකා යුද හමුදා 58වන බල සේනාංකය පුතුක්කුඩිඉරිප්පු දකුණු ප්‍රදේශයේ සිය ආධිපත්‍ය පැතිරවීමට සමත්වී ඇති බව යුද බිමෙන් ලැබෙන නවතම වාර්තා සඳහන් කරයි.

6 වන ගැමුණු බළකාය, 8වන ගැමුණු, 12 වන ගැමුණු, 11 වන පාබල සේනාංකය, 10වන පාබල සේනාංකය, 7වන සිංහ යන සේනාංක වලට අයත් භට පිරිස් මේවන විට මෙම ප්‍රදේශයේ මෙහෙයුම් වල නිරතව සිටී.

භට පිරිස් යුද උපක්‍රමිකව ඒ-35 පරන්තන් මුලතිව් මාර්ගය හරහා ජලමාර්ග හා එල්.ටී.ටී.ඊ. ස්ථාන අත්පත්කරගනිමින්, ත්‍රස්තවාදීන්ට දැඩි ප්‍රහාර එල්ල කරමින් මෙම ස්ථානයට ලගාවී ඇත.

ලැබී ඇති නවතම වාර්තා අනුව ඊයේ දිනයේදී එල්.ටී.ටී.ඊ. මළසිරුරු 14ක් භට පිරිස් සොයාගෙන ඇති අතර, අද දිනයේදී තවත් මළ සිරුරු 09ක් සමග ටී-56 වර්ගයේ ගිනි අවි ද සොය‍ාගෙන ඇත.

මුලතිව් කොටි ත්‍රස්ත ග්‍රහණයේ පවතින ප්‍රදේශවල සිටි සාමාන්‍ය වැසියන් පිරිසක් ඊයේ ( 16 ) දිනයේ මුහුදු මාර්ගයෙන් පැමිණ නාවික හමුදාව වෙත භාරවී ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. සාමාන්‍ය වැසියන් 440ක් මෙසේ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙතට පැමිණ ඇති අතර ඔවුන්ගෙන් 315ක් රෝගීන් වන අතර ඔවුන්ගේ උපස්ථායකයින් 125ක්ද මේ පිරිසට අයත් වේ.

දේශපාලන නායකයන් මරා දමමින් ඉන්දු-ලංකා ගිවිසුම කුණු කූඩයට දැමූ එල්.ටී.ටී.ඊ.ය ලංකාවේ වර්තමාන තත්ත්වයට වගකිව යුතු යැයි ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැති පී. චිදම්බරම් මහතා ප‍්‍රකාශ කැර ඇත.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ තමිල්නාඩුවේ මහජන රැලියක් අමතමිනි.

ප‍්‍රභාකරන් දමිළ ජනතාවගේ එකම නායකයා නොවන බවද ශ‍්‍රී ලංකාවේ ජාතික ප‍්‍රශ්නය විසැඳීම සඳහා මෙවන් ආඥාදායකයෙකුට බලයට ඒමට උදවු කිරීමෙන් විසඳුමක් නොලැබෙන බවද ඔහු පවසා තිබේ.

කිසිදු හමුදාවක් ත‍්‍රස්තවාදී කණ්ඩායමක් සමඟ සාකච්ඡාවට සූදානම් නැති බවද ප‍්‍රභාකරන් වහාම ආයුධ බිම තැබිය යුතු බවද මේ තාක් කිසිදු කාලයක අවිගත් කණ්ඩායමක් විසින් කළ ඉල්ලීම් සාර්ථක වී නැති බවද ඔහු ප‍්‍රකාශ කැර තිබේ.

එල්.ටී.ටී.ඊ.ය අවි බිම තබා සාකච්ඡා කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් ශ‍්‍රී ලංකා රජයට යුද්ධය නැවැත්වීම සඳහා ඉන්දියාව බලපෑම් කරනු ඇතැයිද ප‍්‍රකාශ කැර ඇති චිදම්බරම් මහතා ඉන්දියාවට ජම්මු කාශ්මීරයේ සන්නද්ධ කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමට නොහැකි නම් තවත් ස්වෛරීය රාජ්‍යයකට සන්නද්ධ කණ්ඩායමක් සමඟ සාකච්ඡා කරන ලෙස කීමට සදාචාරාත්මක අයිතියක් නැති බවද සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ ගැටුම් පවතින ප්‍රදේශවලින් පලා යෑමට තැත් කරනු ලබන දසදහස් ගණනක් සිවිල් වැසියන්ව එයින් පිටවීම වළක්වාලමින් ඔවුන්ට එල්. ටී. ටී. ඊ. ය වෙඩි තබන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි ඇතැම් අවස්ථාවලදී සිවිල් වැසියන් ඝාතනය කිරීමට ද එල්. ටී. ටී. ඊ. ය ක්‍රියාකරන බව ශ්‍රී ලංකාවේ පවතින් තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

Subscribe to: Posts (Atom)