|| - LankaNewZ - ||

More about Sri Lankan News.


මීට ස්වල්ප වේලාවකට පෙර පකිස්තානයේ ලාහෝර්හිදී සිදු වූ වෙඩි තැබීමකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. තිලාන් සමරවීර, තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස් හා කුමාර සංගක්කාර යන ක්‍රීඩයන් මේ අතර වේ. ඔවුන් මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනයට සහභාගි වීම සඳහා ගඩාෆි ක්‍රීඩාංගනය වෙත බස් රථයෙන් පැමිණ ක්‍රීඩා පිටියට ඇතුළු වෙමින් සිටි අවස්ථාවේදීය. මෙහිදී පොලිස් නිලධාරීන් 05 දෙනෙකු ද මිය ගොස් ඇත. මෙම වෙඩි තැබීමට හේතුව හෝ කවුරුන් විසින් මෙය සිදු කරන ලද්දේ ද යන්න පිළිබඳව මේ වන විට අනාවරණය වී නොමැත. පකිස්තානයේ ආරක්ෂක අංශ මේ වන විට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරයි. මෙම සිද්ධිය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගය ද අත්හිටුවා ඇත.

සටන් විරාමයක් සදහා ශ්‍රී ලංකා රජයට ඉල්ලීමක් කිරීම අවශ්‍ය නැති බව ඵක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නිවේදනය කර සිටී.

ශ්‍රී ලං‍කා‍වේ වත්මන් තත්වය සුඩානයට සමාන කළ නොහැකි බව ඵක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන ජපාන තානාපති යුකි‍යෝ සකාසු මහතා ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ අර්බුදය නිමා කිරීම සදහා කොටි සංවිධානය ආයුධ බිම තැබිය යුතු බවත් ආරක්ෂක මණ්ඩල සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රුසියානු තානාපති විටලි අයි ඩුකින් මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනක් ගෙන යන බවත්, ඵය ඵ් රටේ අභ්‍යන්තර ප්‍රශ්ණයක් පමණක් වන බවත්ය. ආරක්ෂක මණ්ඩලයේ සාමාජික වියටිනාම් තානාපති ලේ යොන්ග් වින් මහතා ප්‍රකාශ කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වු ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදීන් කණ්ඩායමකට ඵරෙහිව මෙහෙයුමක් සිදුකරන බවයි.

මෙම කන්නයේ නැඟෙනහිර වී අස්වැන්න මෙට්ට්‍රික් ටොන් 1,360,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳ, අලෙවි සංවර්ධන සමූපකාර හා පාරිභෝගික සේවා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සම්බා සහල් කිලෝවක් රුපියල් 70කට වඩා වැඩි මිලට විකුණන සියලුම වෙළෙඳ සල් වැටලීම හෙට (26) සිට සිදු කරන බවයි. ඒ බව ජීවන වියදම් හා ආහාර සුරක්ෂිත කමිටුවේදී තීරණය කළ බව අමාත්‍යවරයා පැවසීය. දිවයිනේ සියලුම ප්‍ර‍ෙද්ශ වෙත මේ පිළිබඳ දැනුවත් කිරීම් සිදු කර තිබෙන අතර වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන යාම සිදු කෙරේ.

මේ වන විට වර්ග කිලෝමීටර් 73ක භූමි ප්‍රමාණයකට එල්. ටී. ටී. ඊ. ය සීමා කර ඇති බව රජයේ ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. පසුගිය කාලය තුළ ආරක්ෂක අංශවල එල්. ටී. ටී. ඊ. ය භාවිත කළ විශාල අවිආයුධ ප්‍රමාණයක් සොයා ගත් බවත් එවන් අවස්ථාවක පරාජයෙන් වියරු වැටී සිටින ත්‍රස්තවාදීන් සතුව ගුවන් යානා දෙකක් පැවතීම රටේ ආරක්ෂක තත්ත්වයට විශාල තර්ජනයක්ව පැවති බැවින් ආරක්ෂක අංශ මෙන්ම රජයත් මේ පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් පසු වූ බව අමාත්‍යවරයා සඳහන් කරයි. - LankaPuvath

අමිපාර දිස්ත්‍රික්ක‍යේ ඉගිනියාගල ප්‍රදේශයේදී සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක‍ෂයට පත්වී ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කරයි. ‍මෙම මිය ගිය පිරිස අතර කුඩා පිරිමි දරුවන් දෙදෙනකු හා වැඩිහිටි පිරිමි 06 දෙනෙකු වැඩිහිටි කාන්තාවන් 05 ‍දෙ‍නෙකු ගැහැණු ළමුන් එක් අයෙක් සිටින බව වාර්ථා වී ඇත. මෙම ප්‍රහාරයෙන් වැඩිහිටි කාන්තාවක් හා ගැහැණු ළමුන් දෙදෙ‍‍‍නෙකු වැඩිහිටි පිරිමි 03 දෙ‍නෙකු හා පිරිමි ළමුන් තිදෙ‍නෙකු ද තුවාල ලබා ඇති අතරමේ අය අම්පාර රෝහලට ඇතුලත් කර ඇත. පොලිසිය, විශේෂ කාර්ය බළකාය, යුධ හමුදාව එක්ව ‍මෙම ප්‍රදේශයේ තව දුරටත් සෝදිසි මෙහෙයුමි ක්‍රියාත්මක කරන අතර ආරක්ෂාව තර කර තිබේ.

ඊයේ (පෙබරවාරි 21) දින විශ්වමඩු ප්‍රදේශයේ සෝදීසි මෙහෙයුමක නිරත 57 සේනාංකයට අයත් භට පිරිස් ත්‍රස්තවාදීන්ට අයත් අවි ආයුධ රැසක් සොයා ගනු ලැබිණි. පුද්ගලනාශක බෝම්බ 50 ක්, ක්ලේමෝ බෝම්බ 7 ක් හා අත්බෝම්බ 213 ක් මේ අතර විය.

නරක් වූ ත්‍රස්ත කාන්තා සිරුරක්, ටී-56 ගිනි අවි 3 ක්, අයිකොම් සන්නිවේදන උපකරණයක් සමග එම්පීඑම්ජී වර්ගයේ පතුරම් 1000 ක් ද මෙහිදී ආරක්ෂක අංශ විසින් වැඩිදුරටත් අනාවරණය කර ගනු ලැබිණි.

ප්‍රදේශයේ සිදුකළ තවත් සෝදීසී මෙහෙයුමකින් 57 සේනාංක භට පිරිස් විසින් ත්‍රස්තවාදීන් විසින් පරිහරණය කරන ලද විදුලිජණක යන්ත්‍රයක් අත්පත් කර ගෙන ඇත.

කොළඹ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කිරීම සදහා පැමිණි එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ ගුවන්යානා දෙක ම විනාශ කිරීමට ආරක්ෂක අංශ සමත්වූ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ඊයේ (20) පස්වරු 9.45ට පමණ කොටි ගුවන් යානා ප්‍රහාරයට පැමිණ ඇත. එක් ගුවන් යානයක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ලට ප්‍රහාරයක් එල්ල කර පලා යන අවස්ථාවේ වහා ක්‍රියාත්මක වු ගුවන් හමුදාව ප්‍රහාර දියත් කරමින් එම යානය විනාශ කර බිම හෙළීමට සමත් වි ඇත. හමුදා ප්‍රහාර හමුවේ පලා යාමට උත්සාහ ගත් අනෙක් ත්‍රස්තවාදී ගුවන් යානයද බිම හෙළීමට කටුනායක ගුවන් හමුදා භට පිරිස් සමත් වී තිබේන අතර යානය පැදවූ ත්‍රස්තවාදියාගේ මළ සිරුර කටුනායක ගුවන් හමුදා කඳවුර ආසන්නයේ තිබී සොයාගෙන තිබේ. මෙම ත්‍රස්තවාදී ගුවන් ප්‍රහාරයෙන් 52 දෙනෙකු පමණ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව ජාතික රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය. ‍ෙම් අතර කටුනායක ප්‍රහාරයෙන් හය දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ. පසුව ඉන් එක් අයෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර ඇත.

ශ්‍රී ලංකා යුද හමුදා 58වන බල සේනාංකය පුතුක්කුඩිඉරිප්පු දකුණු ප්‍රදේශයේ සිය ආධිපත්‍ය පැතිරවීමට සමත්වී ඇති බව යුද බිමෙන් ලැබෙන නවතම වාර්තා සඳහන් කරයි.

6 වන ගැමුණු බළකාය, 8වන ගැමුණු, 12 වන ගැමුණු, 11 වන පාබල සේනාංකය, 10වන පාබල සේනාංකය, 7වන සිංහ යන සේනාංක වලට අයත් භට පිරිස් මේවන විට මෙම ප්‍රදේශයේ මෙහෙයුම් වල නිරතව සිටී.

භට පිරිස් යුද උපක්‍රමිකව ඒ-35 පරන්තන් මුලතිව් මාර්ගය හරහා ජලමාර්ග හා එල්.ටී.ටී.ඊ. ස්ථාන අත්පත්කරගනිමින්, ත්‍රස්තවාදීන්ට දැඩි ප්‍රහාර එල්ල කරමින් මෙම ස්ථානයට ලගාවී ඇත.

ලැබී ඇති නවතම වාර්තා අනුව ඊයේ දිනයේදී එල්.ටී.ටී.ඊ. මළසිරුරු 14ක් භට පිරිස් සොයාගෙන ඇති අතර, අද දිනයේදී තවත් මළ සිරුරු 09ක් සමග ටී-56 වර්ගයේ ගිනි අවි ද සොය‍ාගෙන ඇත.

මුලතිව් කොටි ත්‍රස්ත ග්‍රහණයේ පවතින ප්‍රදේශවල සිටි සාමාන්‍ය වැසියන් පිරිසක් ඊයේ ( 16 ) දිනයේ මුහුදු මාර්ගයෙන් පැමිණ නාවික හමුදාව වෙත භාරවී ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. සාමාන්‍ය වැසියන් 440ක් මෙසේ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙතට පැමිණ ඇති අතර ඔවුන්ගෙන් 315ක් රෝගීන් වන අතර ඔවුන්ගේ උපස්ථායකයින් 125ක්ද මේ පිරිසට අයත් වේ.

දේශපාලන නායකයන් මරා දමමින් ඉන්දු-ලංකා ගිවිසුම කුණු කූඩයට දැමූ එල්.ටී.ටී.ඊ.ය ලංකාවේ වර්තමාන තත්ත්වයට වගකිව යුතු යැයි ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැති පී. චිදම්බරම් මහතා ප‍්‍රකාශ කැර ඇත.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ තමිල්නාඩුවේ මහජන රැලියක් අමතමිනි.

ප‍්‍රභාකරන් දමිළ ජනතාවගේ එකම නායකයා නොවන බවද ශ‍්‍රී ලංකාවේ ජාතික ප‍්‍රශ්නය විසැඳීම සඳහා මෙවන් ආඥාදායකයෙකුට බලයට ඒමට උදවු කිරීමෙන් විසඳුමක් නොලැබෙන බවද ඔහු පවසා තිබේ.

කිසිදු හමුදාවක් ත‍්‍රස්තවාදී කණ්ඩායමක් සමඟ සාකච්ඡාවට සූදානම් නැති බවද ප‍්‍රභාකරන් වහාම ආයුධ බිම තැබිය යුතු බවද මේ තාක් කිසිදු කාලයක අවිගත් කණ්ඩායමක් විසින් කළ ඉල්ලීම් සාර්ථක වී නැති බවද ඔහු ප‍්‍රකාශ කැර තිබේ.

එල්.ටී.ටී.ඊ.ය අවි බිම තබා සාකච්ඡා කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් ශ‍්‍රී ලංකා රජයට යුද්ධය නැවැත්වීම සඳහා ඉන්දියාව බලපෑම් කරනු ඇතැයිද ප‍්‍රකාශ කැර ඇති චිදම්බරම් මහතා ඉන්දියාවට ජම්මු කාශ්මීරයේ සන්නද්ධ කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමට නොහැකි නම් තවත් ස්වෛරීය රාජ්‍යයකට සන්නද්ධ කණ්ඩායමක් සමඟ සාකච්ඡා කරන ලෙස කීමට සදාචාරාත්මක අයිතියක් නැති බවද සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ ගැටුම් පවතින ප්‍රදේශවලින් පලා යෑමට තැත් කරනු ලබන දසදහස් ගණනක් සිවිල් වැසියන්ව එයින් පිටවීම වළක්වාලමින් ඔවුන්ට එල්. ටී. ටී. ඊ. ය වෙඩි තබන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි ඇතැම් අවස්ථාවලදී සිවිල් වැසියන් ඝාතනය කිරීමට ද එල්. ටී. ටී. ඊ. ය ක්‍රියාකරන බව ශ්‍රී ලංකාවේ පවතින් තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

ඉදිරි කාලසීමාව තුළදී සංවර්ධන ඉලක්ක කරා යන ශ්‍රී ලංකාව අභ්‍යවකාශ තාක්ෂණයට අවතීර්ණ වීමේ කාලය එළඹ ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එක්සත් රාජධානියේ සරේ විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායමක් සමග අරලියගහ මන්දිර‍යේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේය.

Click on picture to view larger and detailed

ධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණයේ ඡන්දය දැමීම අද සවස 4.00ට අවසන් විණි . මේ වන විට ඡන්ද පෙට්ටි සීල් තබා ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙන යෑමට පියවර ගනිමින් තිබේ. අද පෙරවරු 7.00 ට ඡන්දය දැමීම ආරම්භ වු අතර අද සවස 4.00ට අවසන් වන තුරු ම සාමකාමී වාතාවරණයකින් ඡන්දය පැවැත්වුණු බව වාර්තා වේ. මධ්‍යම පළාතේ මහනුවර හ‍ා මාතලේ දිස්ත්‍රික්කවල පස්වරු 3.00 වන විට 50%ට වැඩි ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ 60%ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව නුවර එළිය දිස්ත්‍රික්කයේ දිසාපති සහ තේරීම්භාර නිලධාරී ඩී. පී. ජී. කුමාරසිරි මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පවසා ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශවල ජනතාවට වඩා වතු ආශ්‍රිත ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමේ වැඩි උනන්දුවක් දක්වා ඇත. මෙම දිස්ත්‍රික්කයේ යම් ස්ථානවල ජාතික හැඳුනුම්පත නොමැති නිසා විවිධ බාධාවන් ඇති වුවත් සාමකාමීව ඡන්ද කටයුතු සිදු වි ය. වයඹ පළාතේ කරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කයේද 60%කට වැඩි ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබෙන බවොර්තා වේ.

වයඔ හා මධ්‍යම පළාත් සභා මැතිවරණය මේ වන විට මධ්‍යස්ථාන 2579 කදී පැවැත්වෙනවා. මේ වන තෙක් සුලු සිද්ධීන් කිහිපයක් හැරැණු විට බරපතල ප්‍රචන්ඩක්‍රියා වාර්තා වී නැත. පළාත් දෙකෙන් ම 3408182 දෙනෙක් පමණ ඡන්දය භාවිතා කිරීමට සුදුසු කම් ලබා ඇති අතර මන්ත්‍රී ධූර 106 ක් සදහා පෙනී සිටින අපේක්ෂකයින් ගනන 2247 කි. මැතිවරණ රාජකාරි වෙනුවෙන් රජයේ නිලධාරීන් 26000ක් පමණ යොදවා ඇත. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා පොලිසිය සියලු ආරක්ෂාව සැලසීමට පොලිස් මැතිවරණ කොට්ඨාසය විධිවිධාන යොදා ඇත.

මුලතිව් - පරන්තන් (ඒ 35) මාර්ගයට උතුරු දෙසින් වූ ප්‍රදේශයේ මෙහෙයුම් දියත් කරමින් සිටින යුද හමුදාවේ 58 වන සේනාංකයේ භට පිරිස් සහ කොටි ත්‍රස්තවාදීන් අතර ඊයේ (12) දිනයේ දී අවස්ථා ගණනාවකදී ගැටුම් හට ගෙන තිබේ.

ආරක්ෂක වාර්තා සඳහන් කරන අන්දමට කුප්පිලාන්කුලම් ප්‍රදේශයේ දී දෙපාර්ශවය අතර දරුණු ගැටුම් හට ගෙන ඇති අතර එම ගැටුම් වලදී ත්‍රස්තවාදීන්ට බරපතල හානි සිදු වී තිබේ. ගැටුම් වලින් අනතුරුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී ත්‍රස්තවාදීන්ගේ මළ සිරුරු 02ක්, ටී 56 ගිනි අවි 2ක්, පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් සහ යතුරු පැදියක් සොයා ගැනීමට හැකි වී ඇත.

මේ අතර කුප්පිලාන්කුලම ප්‍රදේශයේ ස්ථාන ගත වී සිටින යුද හමුදා ස්නයිපර් ප්‍රහාරකයින් විසින් අවස්ථා දෙකකදී කොටි ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කර ත්‍රස්තවාදීන් දෙදෙනෙකු මරා දමා තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ගූවන් හමුදාවේ සහාය ඇතිව 2009 පෙබරවාරි මස 11 දින උදෑසන ත්‍රස්ත ග්‍රහණයෙන් මිදී ආරක්ෂක අංශ රැකවරණය පතා පැමිණි සාමාන්‍ය සිවිල් ඡනතාව වෙත බෙදා හැරීමට කෙටි ආහාර ඇතුලත් පැකට් 20000 ක් පිටත් කර හරිනු ලැබීය.

ගූවන් හමුදා වාර්තා වල දැක්වෙන පරිදි රත්මලාන ගූවන් තොටුපොලින් ගුවන් ගත කරනු ලැබු මෙම ආහාර තොගය සිවිල් ජනතාව අතර බෙදා හැරිම සදහා 58 වන සේනාංකය වෙත බාර දී ඇත.

මෙරට දමිල ඡනතාවගේ එකම නියෝජිතයායැයි කියා ගන්නා එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත ග්‍රහණයෙන් මිදී ආරක්ෂක අංශ රැකවරණය පතා පලාඑන බාල, තරුණ, මහළු අවිහිංසක සිවිල් වැසියන් ට වෙඩි තබා මරා දමද්දී ආරක්ෂක අංශ මේ වන විට එම අසරණ ජනතාව ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් දියත් කරමින් සිටී.

විශ්‍රාමික හමුදා නිළධාරී මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු පිරිසක් පසුගිය වසරේදී අනුරාධපුර ප්‍රදේශයේදී ඝාතනය කිරීම සම්බන්ධව ප්‍රධාන සැකකරුවෙක් ශ්‍රී ලංතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් ආරංචි මාර්ග වල දැක්වෙන පරිදි නෙසියකුලම් - මාන්කුලම් ප්‍රදේශයේ පදිංචි අබුසාලි ජබීර් ලෙස හඳුනා ගෙන ඇති මෙම සැකකකරු විසින් මන්ද බුද්ධික මරා‍ගෙන මැරෙන බෝම්බකරු සිය භාරයේ සෙට්ටිකුලම සිට මැදවච්චිය ප්‍රදේශයට රැගෙන විත් වෙනත් අයෙක් වෙත ඔහුව භාර දී තිබිණි. ඊයේ (පෙබරවාරි 10) දින අළුයම 5.15 ට පමණ සියඹලාන්ඩුව, නෙරියකුලම පොලිස් මාර්ග ඝාධකයේදී මෙම සැකකරු අත්අඩංගුවට පත්වූ බව වැ‍ඩි දුරටත් එම ආරංචි සඳහන් කරයි.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක, මහේල ජයවර්ධන අද ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන්නා. පසුගිය ඉන්දියානු තරගාවලිය 4-1 ක් ලෙස පරාජය වීම, ඔහු මෙම තීරණය ගැනීමට ඉක්මන් වීමේ හේතුව ලෙස දක්වන අතරම, දැන් නායකත්වය අලුත් කිරීමට කාලය එලඹ ඇති බවද වැඩි දුර අදහස් දක්වමින් ඔහු පැවසුවේය. මහේල , 2007 ලෝක කුසලාණ තරගාවලියේ අනුශූරතාවය ලබා ගන්නටත්, තවත් ජයග්‍රහණ රැසකට නායකත්වය ලබා දුනි. පසුගිය වසරේ හොදම ටෙස්ට් ක්‍රිකට් නායකත්ව සම්මානයද දිනාගත් මහේල සිය කණ්ඩායම, ටෙස්ට් තරග 26 ක නායකත්වය හෙඹවූ අතර ඉන් 15 ක්ම ජයග්‍රහණය කරා ගෙන ගිය අතර එක්දින තරග 94න් 54 ක් ජයගන්නට සමත්ව ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමට මීලගට ඇති, පාකිස්තානු ටෙස්ට් තරග 2 න් මහේල සිය නායකත්වයෙන් සමු ගනු ඇත. වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු සිය ක්‍රීඩා ජීවිතය පිතිකරැ අංශයෙන් වඩාත් ශක්තිමත් කරගැනීමට බලාපොරොත්තු වන බවත් කියා සිටියේය. කෙසේ වෙතත් ‍මහේල ගේ තීරණය පිළිබද සතුටු වන අය වගේම ඒ ගැන කණගාටු වන අය අති විශාලය.

ඉන්දියාවේ ශ්‍රී ලාංකීය සංචාරයේ තවත් තරගයක් වන පන්දු වාර 20 තරගය මේ වෙනවිට ආරම්භ වී තිබේ. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ශාන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කල අතර, මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දැවී නොයා ලකුණු 44 ක් ලබා සිටිනවා. සනත් ජයසූරිය 4 පහරවල් 3 ක් සහ 6 පහර වල් 2 ක් සමගින් ලකුණු 30 ක් සහ ඩිල්ශාන් ලකුණු 07 ක් ලබාගෙන ක්‍රීඩා කරයි.

Subscribe to: Posts (Atom)